Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Right to Information

• Right to Information Act

• Regulations promulgated under the Right to Information Act

• Details of Information Officers

• Procedure to be followed to access information

• RTI Internal Instructions 01

 

News & Events

Special Discussion on Oil Palm (Katupl) Cultivation in Kegalle District 2018.04.27

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව පිළිබඳ විශේෂ සාකච්ඡාව

2018.04.27

සහභාගීත්වය:

  1. නවීන් දිසානායක මැතිතුමා                                ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය
  2. වෛද්‍ය තුසිතා විජේමාන්න මැතිණිය                  ගරු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී
  3. තාරක බාලසූරිය මැතිතුමා                                  ගරු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
  4. කනක හේරත් මැතිතුමා                                     ගරු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
  5. හර්ෂ සියඹලාපිටිය මැතිතුමා                               ගරු බුලත්කොහුපිටිය ප්‍රා. සංවර්ධන කමිටු සමසභාපති
  6. ඩබ්.සෝමදාස මැතිතුමා                                     ගරු ගලිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සමසභාපති
  7. අතාවුද සෙනෙවිරත්න මැතිතුමා                         ගරු රුවන්වැල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සමසභාපති
  8. වයි.ජී. වත්සලා පද්මසිරි මැතිනිය                       හිටපු ගරු පළාත් සභා මන්ත්‍රීනී(රුවන්වැල්ල ආසනය)
  9. ඒ.ජී. දමිදු ශ්‍යාමින්ද  මැතිතුමා                            ගරු සභාපති, දෙහිඕවිට ප්‍රාදේශීය සභාව
  10. සරත් සුමනසිරි මැතිතුමා                        ගරු සභාපති, වරකාපොල ප්‍රාදේශීය සභාව
  11. සමන් ජයසිංහ මැතිතුමා                                     ගරු සභාපති, ගලිගමුව ප්‍රාදේශීය සභාව
  12. එල්.එච්. සුදත් මංජුල මැතිතුමා                           ගරු සභාපති, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව
  13. කේ.ඩී. වසන්ත මැතිතුමා                                   ගරු සභාපති, යටියන්තොට ප්‍රාදේශීය සභාව
  14. කේ.එම්.සී. බණ්ඩාර මැතිතුමා                            ගරු උප සභාපති, මාවනැල්ල ප්‍රාදේශීය සභාව
  15. ඒ.වී.රොහාන්ත ගුණසේකර මැතිතුමා                 ගරු උප සභාපති, යටියන්තොට ප්‍රාදේශීය සභාව
  16. එච්.පී.ජේ. ප්‍රේමචන්ද්‍ර ලීලාරත්න මැතිතුමා         ගරු උප සභාපති, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
  17. උපාලි දිසානායක මැතිතුමා                                ගරු විපක්ෂ නායක, ප්‍රාදේශීය සභාව
  18. අනුර මැතිතුමා                                                  ගරු විපක්ෂ නායක, දැරණියගල ප්‍රාදේශීය සභාව
  19. රංජිත් පොල්ගම්පොල මැතිතුමා                         ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, දැරණියගල ප්‍රාදේශීය සභාව
  20. එම්.ඩබ්.බී. මුහන්දිරම් මැතිතුමා                          ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, වරකාපොල ප්‍රාදේශීය සභාව
  21. අකිල ජයරත්න මැතිතුමා                                   ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, වරකාපොල ප්‍රාදේශීය සභාව
  22. ඩබ්.ආර්.කාංචන වැලිපිටිය මැතිතුමා                  ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ගලිගමුව ප්‍රාදේශීය සභාව
  23. සුරේෂ් සෝමදාස මැතිතුමා                                 ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ගලිගමුව ප්‍රාදේශීය සභාව
  24. ආර්.පී. මනෝජ් රාජපක්ෂ මැතිතුමා                   ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, වරකාපොල ප්‍රාදේශීය සභාව
  25. කේ.ඩී.බී. මහානාම සෙනවිරත්න මැතිතුමා         දිස්ත්‍රික් සංවිධායක, ලංකා කම්කරු සංගමය
  26. උපාලි විජේවික්‍රම මහතා                                    සම්බන්ධීකරණ ලේකම්(ගරු චම්පිකා ප්‍රේමදාස මැතිතුමාගේ නියෝජිත)
  27. පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමි                    සභාපති, දිස්ත්‍රික් සාසනාරක්ෂක බලමණ්ඩලය
  28. පූජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නාහිමි                  ලේඛකාධිකාරී, දිස්ත්‍රික් සාසනාරක්ෂක බලමණ්ඩලය
  29. පූජ්‍ය දෙණියායේ දේවානන්ද හිමි                       විහාරාධිපති, ශ්‍රී සෝභිතාරාමය, ඉලිපන්ගමුව
  30. පූජ්‍ය මණ්ඩාවල සිරි සෝභන හිමි                       ලේඛකාධිකාරී, දෙමටඋණුව, බෙලිගල
  31. එල්.ජේ.එම්.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා             දිස්ත්‍රික් ලේකම්/දිසාපති, කෑගල්ල
  32. ජානක ධර්මකීර්ති මහතා                                   අතිරේක ලේකම්(සංවර්ධන), වැවිළි කර්මාන්ත අමා.
  33. සම්පත් චන්ද්‍රිනායක මහතා                                අධ්‍යක්ෂ(වැවිළි කළමනාකරණ),වැවිළි කර්මාන්ත අමා.
  34. ධම්මික රණතුංග මහතා                                      අධ්‍යක්ෂ, වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය
  35. ජීවක අතපත්තු මහතා                                        උපදේශක, වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය
  36. ලක්නා පරනවිතාන මිය                                     උපදේශක, වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය
  37. ටී. කිරිඇල්ල මහතා                                          අධ්‍යක්ෂ(සබරගමුව), මධ්‍යම පරිසර අධිකාරිය, කෑගල්ල
  38. එම්.ඒ.ඒ.එන්.හේමකුමාර මහතා                        අධ්‍යක්ෂ(පර්යේෂණ) මධ්‍යම පරිසර අධිකාරිය
  39. දිනූෂා ප්‍රියදර්ශනී මිය                                         පරිසර නිලධාරී, මධ්‍යම පරිසර අධිකාරිය
  40. ශිරෝමි මුණිදාස මිය                                          පරිසර නිලධාරී, මධ්‍යම පරිසර අධිකාරිය
  41. ආර්.බී. ප්‍රේමදාස මහතා                                     අධ්‍යක්ෂ ජනරාල්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
  42. එච්.එම්.සී.එස්. හේරත් මහතා                            නියෝජ්‍ය අධ්‍යක්ෂ, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
  43. ආචාර්ය එස්. රණසිංහ මිය                                 අතිරේක අධ්‍යක්ෂ, පොල් පර්යේෂණ ආයතනය
  44. ආචාර්ය නයනී ආරච්චිගේ මිය                           පර්යේෂණ නිලධාරී, පොල් පර්යේෂණ ආයතනය
  45. ජේ.එම්.ඩී.ජේ. බණ්ඩාර මෙය                            අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ
  46. දිනීෂා එස්.රත්නායක මිය                                  අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්), කෑගල්ල
  47. එච්.ආර්.එන්.එස්. එගොඩගෙදර මිය                  සහකාර දිස්ත්‍රික් ලේකම්, දි.ලේකම් කා., කෑගල්ල
  48. බී. අනෝමා විජේරත්න මිය                               අධ්‍යක්ෂ(සැලසුම්), දි.ලේකම් කා., කෑගල්ල
  49. එන්.සී.වික්‍රමනායක මහතා                                 සහකාර අධ්‍යක්ෂ(සැලසුම්), දි.ලේකම් කා., කෑගල්ල
  50. එච්.ඒ.ඒ.පී.මොරවකආරච්චි මිය                                    සහකාර අධ්‍යක්ෂ(සැලසුම්), දි.ලේකම් කා., කෑගල්ල.
  51. සරත් සුමනදාස මහතා                                        සහකාර අධ්‍යක්ෂ, දි.ලේකම් කා., කෑගල්ල.
  52. කේ.ඩී.ඒ. සේරසිංහ මහතා                                 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කෑගල්ල
  53. එම්.එම්.පී.පී. පෙතන්ගොඩ මිය                         ප්‍රාදේශීය ලේකම්, මාවනැල්ල
  54. ආර්.පී. මොහාන් විජේරත්න මහතා                    ප්‍රාදේශීය ලේකම්, රුවන්වැල්ල
  55. යූ.පී.සී. අනුරුද්ධ පියදාස මහතා                         ප්‍රාදේශීය ලේකම්, දෙහිඕවිට
  56. අයි.කේ.ආර්.එස්. බණ්ඩාර මැණිකේ මිය                        ප්‍රාදේශීය ලේකම්, දැරණියගල
  57. නාලිකා පියසේන මිය                                        ප්‍රාදේශීය ලේකම්, කෑගල්ල
    1. රම්‍යා ජයසුන්දර මිය                                          ප්‍රාදේශීය ලේකම්, බුලත්කොහුපිටිය
    2. කේ.ජී.එස්. නිශාන්ත මහතා                               ප්‍රාදේශීය ලේකම්, ගලිගමුව
    3. රංජිත් ප්‍රේමසිරි මහතා                                        සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් කා., වරකාපොල
    4. ඊ.ආර්.ඩී.පී. කලුගල්ල මහතා                             සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් කා., රඹුක්කන
      1. ඒ.එම්.එස්. කුමාරි ජයවර්ධන මිය                       ජ්‍යෙෂ්ඨ ගො.සං.නිලධාරි, කෑගල්ල
      2. අනුපමා ගනේගොඩ මිය                                    සංවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කා., කෑගල්ල.
      3. යූ.ඩබ්.ආර්.කේ.එන්. ගුණතිලක මිය                   සංවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කා., කෑගල්ල.
      4. පී.කේ.ඩී. නන්දන කුමාර මහතා                         සංවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කා., කෑගල්ල.
      5. ඒ.එල්.එල්.ඩී. අමරවික්‍රම මහතා                         සංවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කා., කෑගල්ල.
      6. පී.ඒ.පී. සුගතපාල මහතා                                    තාක්ෂණ සහකාර,  දිස්ත්‍රික් ලේකම් කා, කෑගල්ල.
      7. එස්.ඊරියගම මහතා                                            ප්‍රධාන විධායක නිලධාරී, කෑගලු වැවිළි සමාගම
      8. එම්.අයි.ගෝර්ඩියර් මහතා                                  අධ්‍යක්ෂ, මල්වත්ත වැලි වැවිලි සමාගම
      9. සමන් දරණාගම මහතා                                      සාමාන්‍යාධිකාරී, කෑගලු වැවිළි සමාගම
      10. ඇල්බට් පීරිස් මහතා                                          සාමාන්‍යාධිකාරී, ලලාන් රබර් පෞද්ගලික සමාගම
      11. කේ.පී.වයි.බණ්ඩාර මහතා                                 සමූහ සාමාන්‍යාධිකාරී, ලලාන් මහඔය වතු සමූහය
      12. රංග අලහකෝන් මහතා                                     සමූහ සාමාන්‍යාධිකාරී, ලලාන් උඩබාගේවතු සමූහය
      13. ඩී.එම්.කොබ්බෑකඩුව මහතා                               සාමාන්‍යාධිකාරී, ලලාන් රබර් පෞද්ගලික සමාගම
      14. එස්.පොහොලියද්ද මහතා                                  කළමණාකාර අධ්‍යක්ෂ, කෑගලු වැවිළි සමාගම
      15. ඩී.එන්.පී.සෙනවිරත්න මහතා                            නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සපුමල්කන්ද වත්ත
        1. රසික වීරසිංහ මහතා                                          වතු අධිකාරී, චෙස්ටර්ෆෝඩ් වත්ත
        2. යූ.එම්.යූ.එල්.පී. උඩගෙදර මහතා                      කළමනාකරු, සනික්‍රොෆ්ට් වත්ත
        3. එස්.ඒ.ඒ.පී.ජයතිලක මහතා                               වතු අධිකාරී, පල්ලේගම වත්ත
        4. ඩී.අයි.මොහොට්ටිගේ මහතා                              වතු අධිකාරී, තල්දූව වත්ත
        5. සාලිය මුනවීර මහතා                                          වතු අධිකාරී, කෑගලු වතු සමාගම
        6. ආර්.එම්.වී. රත්නායක මහතා                             වතු අධිකාරී, මොරලිය වත්ත
        7. නාලක මඩවල මහතා                                        වතු අධිකාරී, පාරඹේ වත්ත
        8. චමින්ද ජයරත්න මහතා                                     වතු අධිකාරී, හිග්ගොඩ වත්ත
        9. ජී.සී.එච්.ඩී. අමරතුංග මහතා                              වතු අධිකාරී, අටාල වත්ත
        10. අජන්ත මූනමලේ මහතා                                    වතුඅධිකාරී, වෙනිවැල්ල වත්ත
        11. එම්.ඩබ්. ලියනසේකර මහතා                              වතුඅධිකාරී, ඇටනාවත්ත
        12. එච්.එස්. අලුවිහාරේ මහතා                                 වතුඅධිකාරී, හත්බාව වත්ත
        13. බී.පී.එස්.එම්. කුරේ මහතා                                 වතුඅධිකාරී, මාදෙනිය වත්ත
        14. එච්.අයි. විජයසුන්දර මහතා                               කළමණාකරු අංහෙට්ටිගම වත්ත
        15. ඒ.එස්.ඩී.සී. විජේතුංග මහතා                              වතුඅධිකාරී, අඹදෙනිය වත්ත
        16. එල්.සී.වර්ණකුල මහතා                                     සහකාර වතුඅධිකාරී, ඊදැල්ල වත්ත
          1. ආර්.එම්. සෝමවීර රත්නායක මහතා                  කෑගල්ල දි. පරිසරය සුරැකීමේ එකමුතු සං., බෙලිගල.
          2. බී.වී. දයාරත්න මහතා                                        කෑගල්ල දි. පරිසරය සුරැකීමේ එකමුතු සං., බෙලිගල.
          3. ගාමිණී රත්නායක මහතා                                   කෑගලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානය
          4. ඒ.ඩී. අංජුල නිශාන්ත මහතා                               අවිස්සාවේල්ල
          5. යූ.කේ.නිමල් රංජිත් මහතා                                ගලිගමුව
          6. අබේසිංහ සේනාරත්න මහතා                              පරිසරවේදී, මවිබිම පුවත්පත
          7. ජයන්ත විජේසිංහ මහතා                                    පරිසරවේදී, පරිසර සුරැකිමේ සංවිධානය
            1. එච්.ආර්.සේනාරත්න මහතා                               දිස්ත්‍රික් ගොවිජන බලමණ්ඩලය
            2. නිශාන්ත ප්‍රසාද් කරුණාදාස මහතා                     ලේකම්, කළණ මිතුරු සුභසාධක කමිටුව, ගැටහැත්ත..
            3. කේ.එස්.ප්‍රේමලාල් මහතා                                  කළණ මිතුරු සුභසාධක කමිටුව, ගැටහැත්ත.
            4. ඊ.සෙනවිරත්න මහතා                                       ගොවි සංවිධානය, වෙලන්ගල්ල, ගැටහැත්ත.
            5. එච්.ඒ.එස්.සී. හෙට්ටිආරච්චි මහතා                    ගොවි සංවිධානය, ගලිගමුව
            6. ඩබ්.ආර්.ජයතිලක මහතා                                   ඇරෑගම, වතුර.
            7. එච්.ආර්.නිමල් රත්නසිරි මහතා                          කෑගල්ල දිස්ත්‍රික් පරිසරය සුරැකීමේ සංවිධානය
            8. එච්.ආර්. රත්නායක මහතා                                ගොවි නියෝජිත
            9. ඊ.යූ. කරුණාවතී මිය                                         ගොවි නියෝජිත

 

 

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.04.27 දින පෙ.ව 9.30ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉහත නම් සඳහන් නිලධාරින් මේ සඳහා සහභාගිවිය.

මෙහිදී පිළිගැනීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් සිදු කල  අතර  කටුපොල් වගාව සම්බන්ධව මෙතෙක් පැවති තත්ත්වයන් පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරන ලදී. එහිදී දිස්ත්‍රික් ලේකම් අදහස් දක්වමින්,

කටුපොල් වගාව සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව හා පරිසර සංවිධන වලින් පැමිණිලි එල්ල විය. එබැවින් 2015.12.22 දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මේ පිළිබඳව ස්භාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානයේ තාක්ෂණික නිර්දේශයේ ඇතුලත් කරුණු සාකච්ඡා කරන ලදී.  එහිදී මධ්‍යම පරිසර අධිකාරියෙන් නිර්දේශ ලබාගැනීමට තීරණය විය . මීට අමතරව 2015.12.17 දින පොල් පර්යේෂණ ආයතනයෙන් කටුපොල් සම්බන්ධ විද්‍යාත්මක කරුණු ඇතුලත් වාර්තාවක් ලැබිනි. තවද අප විසින් මධ්‍යම පරිසර අධිකාරියෙන් කටුපොල් සම්බන්ධව තාක්ෂණික නිර්දේශය ඉල්ලා  සිටි අතර ඔවුන් විසින් කටුපොල් වගාව සම්බන්ධව සිදුකරනු ලැබූ සාකච්ඡා සටහන් අප වෙත 2016.01.16 දින යොමුකරන ලදී.

අනතුරුව 2017.05.19 දින පොල් පර්යේෂණ ආයතනය, විද්‍යාඥ ආචාර්ය ජයන්ත ගුණතිලක මයා, ස්වභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම හා වැවිළි කළමණාකරණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය ලේකම්වරු, මහජන සංවිධාන නියෝජිතයින්, වැවිළි සමාගම් නියෝජිතයින් ගේ සහභාගීත්වයෙන් විශේෂ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවක් පවත්වන ලදී. නමුත් මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජනයක් නොතිබුනි.

ඉන් අනතුරුව පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී නැවත වරක් මේ ප්‍රශ්ණය පිලිබදව සාකච්ඡාවූ අතර එහිදී දේශපාලණ අධිකාරියේ මතය වූයේ ඔවුන්ගේද සහභාගීත්වයෙන් නැවත විශේෂ සම්බන්දීකරණ කමිටු සාකච්ඡාවක් පවත්වන ලෙසයි.

අනතුරුව 2017.06.12 දින දේශපාලණ අධිකාරියේද මැදිහත් වීමෙන් අදාල සියලු පාර්ශවයන්ගේද සහභාගීත්වයෙන් විශේෂ සම්බන්ධීරණ කමිටුවක් පවත්වන ලදී. නමුත් මෙයද සාර්ථක නොවු අතර මෙහිදී දේශපාලන අධිකාරියේ මතය වූයේ මෙම වගාව සම්බන්ධව විරුද්ධ මත දරණ විද්වතුන්ද කැඳවා නැවත වරක් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීය යුතු බවයි. අනතුරුව 2017.07.24 පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කටුපොල් වගාව පිළිබඳ  තාක්ෂණික කරුණු ඉදිරිපත් කළ විද්වතුන්ගේ මතයට වෙනත් මත දරණ විද්‍යයින්ගේ නියෝජනයක් සහිතව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට තීරණය විය.

අනතුරුව 2017.07.31 දින මේ සම්බන්ධව රැස්වීමක් කැඳවන ලෙස වැවිළි කර්මාන්ත අමාත්‍යන්ශයෙන් ඉල්ලීමක් සිදුකරන ලදී.  අනතුරුව 2017.08.24 දින කටුපොල් වගාවේ පාරිසරික බලපෑම් පිළිබඳ ඒකාබද්ධ කමිටුවක් මගින් පාරිසරික අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව දන්වා වැවිළි කර්මාන්ත අමාත්‍යංශය මගින් අප වෙත දැනවීය.2017.08.28 දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ  තීරණය පරිදි කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස වැවිලි සමාගම් වෙත ලිඛිතව දැනුම් දෙන ලදී.  නමුත් වැවිලි සමාගම් මගින් මෙම නියෝගය නොසලකා දිගින් දිගටම වගාව සිදුකරගන යන බව දන්වා මහජනතාවගෙන් පැමිණිලි එල්ලවිය. මෙලෙස එල්ලවෙන පැමිණිලි උග්‍රවෙමින් පවතින නිසා 2017.10.23 පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී 2017.10.30 දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහභාගීත්වයෙන් නැවතත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය. එහිදී පුළුල් පාරිසරික අධ්‍යයනයක්  සිදු කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වීම සහ මසක් ඇතුලත කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා අතුරු වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකරන ලදී.

මේ අතර කෑගල්ල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක  විසින්  මේ සම්බන්ධව මහජන උද්ඝෝෂණ සිදුවිය හැකි බැවින් මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අධ්‍යයන වාර්තාව මගින් ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු කටුපොල් ව්‍යාප්තිය කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2018.03.16 දින තහනම් නියෝගයක් ලබා දෙන ලදී. මෙලෙස දිස්ත්‍රික් ලේකම් විසින් මෙතෙක් කෑගල්ල දිස්ත්‍රිකකයේ කටුපොල් වගාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ක්‍රියාමාර්ග පිලිබඳව පැහැදිලි කිරීම අවසන් කල අතර අනතුරුව මෙම සාකච්ඡාව ඉදිරියට සිදුකරගන යාම සඳහා ගරු අමාත්‍යතුමා වෙත භාරදෙන ලදී.

 

ධම්මික රණතුංග මයා, අධ්‍යක්ෂ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

මෙහිදී කටුපොල් වගාව සම්බන්ධව සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් කටු පොල් වගාව යනු කුමක්ද?, ශ්‍රි ලංකාවේ  මෙම වගාව ආරම්භවී ඇත්තේ කුමන හේතු නිසාද? සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් කටුපොල් වගාව විධිමත්ව ව්‍යාප්ත කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. එහිදී සාකච්ඡා වූ කරුණු ලෙස ප්‍රථමයෙන් කටුපොල් ශාකය පිළිබඳ හැදින්වීමක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව

  • තාල වර්ගයේ ශාකයකි.
  • අප්‍රිකාවේ සම්භවය ලබා ඇත.
  • මෙම ශාකය කි.ව. 1400 පමණ සොයා ගෙන ඇත.
  • මුල්ම වාණිජ වගාව 1911 සුමාත්‍රා දූපත්වල සිදු කර ඇත.
  • මැලේසියාවේ 1917 දී අරඹන ලදී.

 

1968 වර්ෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙනිය  ප්‍රදේශයේ මෙම වගාව ආරම්භ කර ඇත. එතැන් සිට ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල දීර්ඝ කාලයක් වගා කර ඇත.

 

දැනට ශ්‍රී ලංකාවේ කටුපොල් වගා කර ඇති භූමි ප්‍රමාණය (2016)

ප්‍රාදේශීය වැවිලි සමාගම වගා කර ඇති ප්‍රමාණය (හෙක්.)

නමුණුකුල වැවිලි සමාගම                                  2,256.96

අගලවත්ත වැවිලි සමාගම                                  1,312.00

ඇල්පිටිය වැවිලි සමාගම                                    1,579.00

වටවල වැවිලි සමාගම                                        3,279.00

කොටගල වැවිලි සමාගම                                      526.00

බොගවන්තලාව වැවිලි සමාගම                          479.00

හොරණ වැවිලි සමාගම                                      108.00

එකතුව 9,539.46

 

ශ්‍රී ලංකාවේ මුළු වැවිලි බිම් ප්‍රමාණය - හෙක්ටයාර් 600,000

දැනට කටුපොල් වගා කර ඇති ප්‍රමාණය  (දිස්ත්‍රික්ක වශයෙන්)

දිස්ත්‍රික්කය වගා කර ඇති භූමි ප්‍රමාණය (හෙක්.)

ගාල්ල                                                  5,214.09

මාතර                                                      569.07

කෑගල්ල                                                  480.51

රත්නපුර                                                   194.53

කළුතර                                                   3,081.29

එකතුව                                                   9,539.49

ලෝක කටුපොල් නිෂ්පාදනය

  • ලොව පුරා රටවල් 42 ක වගා කර ඇත.
  • ඛාද්‍ය තෙල් නිපදවන ප්‍රධානතම බෝගයයි (31 %).
  • ලෝක නිෂ්පාදනය - මෙ.ටො. මිලියන 63.
  • ලොව වගා කළ භූමි ප්‍රමාණය - හෙක්ටයාර් මිලියන 17
  • මෙම නිෂ්පාදනයේ 90 % ක් ආහාර වශයෙන් භාවිතා කෙරේ.
  • ඒක පුද්ගල පරිභෝජනය කි. ග්‍රෑ. 7.7 කි

 

 

කටුපොල් නිපදවන ප්‍රධාන රටවල්

රට නිෂ්පාදනය (මෙ.ටො.)

ඉන්දුනීසියාව                                                   34,520,000

මැලේසියාව                                                     17,320,000

තායිලන්තය                                                       2,300,000

කොලොම්බියාව                                                1,280,000

නයිජීරියාව                                                           970,000

එක්වදෝරය                                                         560,000

කටුපොල් වගාව ප්‍රවර්ධනය කිරීමට බලපා ඇති හේතු

ශ්‍රී ලංකාවේ ඛාද්‍ය තෙල් අවශ්‍යතාවය ඉහළ යාම සහ ඒ වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වීම.

 

 

වර්ෂය

ආනයනය කළ ඛාද්‍ය තෙල් ප්‍රමාණය (මෙ. ටො.)

වැයවූ මුදල (රු. මිලියන)

2013

2014

2015

2016

156,657

162,766

184,102

106,958

18,930

19,483

18,549

11,993

හෙක් 20,000 ක් වගා කිරීමෙන් දේශීයව තෙල් මෙ. ටො. 80,000 ක් නිෂ්පාදන කිරීමට අපේක්ෂා කෙරේ‍.

කටුපොල් වගා කිරීමට රජයන් මගින් ලබා දී ඇති සහනයන්

  • 2009  බීජ ආනයනය කිරීමේදී තීරු බද්දෙන් නිදහස් කිරීම(2009.11.11 අමාත්‍ය මණ්ඩල  තීරණය).
  • 2011 .01.03  දින ඉන්දුනීසියාව සමඟ එකඟතා ලියවිල්ලකට අත්සන් කිරීම.
  • 2016 වර්ෂයේ ජනවාරි මස සිට ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට කොන්දේසි මාලාවකට යටත්ව වගා කිරීමට පහසුකම් සැලැස්වීම.

 

2016 වසරේ දී කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පනවන ලද කොන්දේසි

  • ශ්‍රී ලංකාවේ ඔයිල් ෆාම් වගාව උපරිම හෙක්ටයාර 20,000 ක් දක්වා ව්‍යාප්ත කිරීම.
    • ඔයිල් ෆාම් වගාව ව්‍යාප්ත කිරීමේ කාර්යය දැනට වගා නොකළ ඉඩම්, ආන්තික  ඉඩම්, අත්හළ ඉඩම් සහ  ඵලදායී  ආයු කාලය  සම්පුර්ණ  කර  ඇති  වගා  කළ ඉඩම්වලට සීමා කිරීම.
    • අයදුම්පත් ලැබෙන අනුපිළිවෙල  අනුව මේ සඳහා උනන්දුවක් දක්වන හා රජය වෙත ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කර ඇති වැවිලි සමාගම් වෙත ශ්‍රී ලංකාවේ උපරිම ඔයිල් ෆාම් වගා කර ඇති ප්‍රමාණය හෙක්ටයාර  20,000 ක්  නොඉක්මවන  පරිදි බෝග විවිධාංගීකරණයට අනුමැතිය ලබා දීම.
    • ඒ වන විට එක් එක් සමාගම් සතු ඔයිල් ෆාම් ඉඩම් ප්‍රමාණය නොසලකා ඉදිරියේදී ඔයිල් ෆාම් වගා කරන  භුමි  ප්‍රමාණය  එක්  එක්  සමාගම්  විසින්  පාලනය  කරනු ලබන මුළු ඉඩම් ප්‍රමාණයෙන් 20%ක  උපරිමයකට සීමා කිරීම.

 

2016.01.18 දිනට පසු ගෙන්වීමට අනුමැතිය දෙන ලද ලද බීජ ප්‍රමාණය

වැවිලි සමාගම්                                                                    බීජ ප්‍රමාණය

නමුණුකුල වැවිලි සමාගම්

125,000

කෑගල්ල වැවිලි සමාගම්

167,500

මල්වත්ත වැවිලි  සමාගම

197,942

හොරණ වැවිලි සමාගම

87,700

තලවකැලේ වැවිලි සමාගම

65,000

වටවල වැවිලි සමාගම

128,000

ලලාන් වැවිලි සමාගම (බොගවන්තලාව)

212,000

බොගවන්තලාව තේ කර්මාන්තශාලා  සමාගම

40,000

ඇල්පිටිය වැවිලි සමාගම

77,500

කැලණි වැලි වැවිලි සමාගම

44,300

අගලවත්ත වැවිලි සමාගම

37,000

එකතුව                                                                      1,139,252

මෙම බීජ ප්‍රමාණය හෙක්ටයාර  4500 ක් පමණ වගා කිරීමට ප්‍රමාණවත් වේ

උද්ගතවූ විවිධ ගැටළු හේතුවෙන් කටුපොල් වගාවේ විධිමත්භාවයක් ඇති කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ගෙන ඇති පියවර

  • බීජ ගෙන්වීමට අනුමැතිය ලබා දීමේදී අදාළ කොන්දේසි  සපුරා ඇති බව තහවුරු කර ගැනීම.
  • වැවිලි සමාගම් මගින් කටුපොල් වගා කිරීම සම්බන්ධව මාර්ගෝපදේශ සකස් කිරීම.

 

කටුපොල් වගා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ

  • කටුපොල් වගාවට උනන්දුවක් දක්වන සෑම වැවිලි සමාගමක් සඳහාම ඉදිරි  වසර  05 ක  කාලයක්  සඳහා  කටුපොල්  වගා කළමනාකරණ සැලැස්මක් ලබා ගැනීම.
  • එම සැලැස්ම අමාත්‍යාංශය විසින් පත් කරන කමිටුවක් විසින් අධ්‍යයනය කර අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
  • සමාගම්වලට බීජ ගෙන්වීමට අවසර දීමේදී අනුමත සැලැස්මට අනුව පමණක් බීජ ගෙන්වීමට  අවසර දීම.
  • බීජ ගෙන්වීමට අවසරදීමට ප්‍රථම වගා කිරීමට අපේක්ෂිත ඉඩම් පරීක්ෂා කර නියමිත කොන්දේසි/අවශ්‍යතා සපුරන ඉඩම් සඳහා පමණක් අවශ්‍ය  ප්‍රමාණයට බීජ ගෙන්වීමට අවසර ලබා දීම.
  • ක්ෂේත්‍රයේ වගා කිරීමෙන් අනතුරුවද සැලැස්මට අනුකූලව වගා කර තිබේද සහ නියමිත අවශ්‍යතා සපුරා තිබේද යන්න පරීක්ෂා කිරීම.
  • පාංශු සංරක්ෂණ පනතේ සහ ජාතික පරිසර පනතේ විධිවිධානයන්ට යටත්ව කටයුතු කිරීම

 

දැනට තවාන් වල ඇති බීජ සම්බන්ධව ගෙන ඇති පියවර

 

  • මෙම බීජ වගාකරන භූමිය පිළිබඳ සොයා බැලීම
  • මාර්ගෝපදේශණ සංග්‍රහයේ නිර්ණායකයන් සම්පූර්ණ කරන ස්ථාන වල පමනක් බීජ සිටුවීමට අවසර ලබාදීම

 

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා

මෙම ගැටළුව දෙස මධ්‍යස්ථව අධ්‍යනය කල යුතු අතර  සෑම පාර්ශවයකටම සවන්දිම කළ යුතුය. කටුපොල් වගාව හෙක්. 20000 ක් තුල ව්‍යාප්ත කිරීමට  2013 වර්ශයේදී කැබිනට් පත්‍රකාවක් මගින් යෝජනා විය. එම වකවානුවේ තේ මිල පහල බැසීම හේතුවෙන් වැවිලි සමාගම් වලට අමතර ආදායමක් ලබාගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් විය. නමුත් තේ, පොල්, රබර් යන අනෙකුත් වැවිලි බෝගයන්ට සමානව කටුපොල් වගාව සිදුකිරීමට බලාපොරොත්තු නොවේ. ඉහත කැබිනට් පත්‍රිකාව මගින් අනුමත භූමි ප්‍රමාණයට අමතරව මෙම වගාව සඳහා නව ඉඩම් ලබානොදීමට තීරණය කර ඇත.  කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින නායයාමේ ඉහල සම්භාවිතාව නිසා මේ සඳහා විශේෂ අවධානයක් යොමුකල යුතුය.

 

තම අත්දැකීම් අනුව මැලේසියාව වැනි රටවල මෙම වගාවට යොමුවීම නිසා  විශාල වන සංහාරයක්  සිදුවී ඇත. එවකට පැවති රජයන් විසින් ශ්‍රී ලංකාව තුල  මෙම වගාව සිදු නොකිරීමට පියවර ගත් බවද ඒ මහතා  පැවසීය. තවද මෙම බෝගය මගින් පරිසරයට යම්කිසි හානියක් සිදුවන බවත් හෙක්ටයාර් 20,000ක් වැනි කුඩා භූමි ප්‍රමාණයක වගා කිරීමෙන් එම හානිය සිදුවනවාද යන්න මතවාදී  බවත් පැවසීය. තවද ලංකාව තුල අක්කර දහස් ගණනක කටුපොල් වගාව සිදු කිරීමට බලාපොරොත්තු නොවේ.  නව ඉඩම් වල මෙම වගාව සිදු නොකර අවුරුදු 30 ට වැඩි පැරණි රබර් ඉඩම් වල මෙම වගාව සිදුකිරීමට තීරණය කර ඇති බවත් පැවසීය.

 

පළමුව කටුපොල් වගාව සිදුකරනු ලබන ඉඩම් හදුනාගෙන මූලික සැලැස්ම සකස්කර එම ඉඩම් සුදුසුදැයි සාකච්ඡා කිරීම කළ යුතු අතර එම ඉඩම් නුසුදුසුනම් ඒ සඳහා සුදුසු වෙනත් ඉඩම් හඳුනා ගැනීම කළ යුතුය. තවද වැවිලි සමාගම් වල අවම ප්‍රමිතීන් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බවද වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

 

මෙම කරුණු පිලිබද සලකා මෙම කටයුත්ත පිළිබඳ මධ්‍යස්ථව කටයුතු කිරීම සුදුසු බවත් පැවසීය.තවද  කිසිසේත්ම වැවිලි සමාගම් වල අභිමතය පරිදි තමා කටයුතු නොකරන බවත් වැවිලි සමාගම් තම වගාවන් සිදුකරනු ලබන්නේ රජය සතු ඉඩම් වල බවත්  එම භූමි වල ඔවුන්ගේ අභිමතය පරිදි  කටයුතු කිරීමට රජය ඉඩ නොදෙන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

පූජ්‍ය මණ්ඩාවල සිරි සෝභන හිමි, ශ්‍රී වජිර වංශාරාමය, බෙලිගල

 

කෑගල්ල දිස්ත්‍රික් පරිසර සුරැකීමේ සංවිධාන නියෝජනය කරමින් උන්වහන්සේ පැමිණි බවත් පරිසරය ආරක්ෂා කරමින් මෙම වගාව සිදුකරල යුතු බවත් ප්‍රකාශ කළසේක. තවද වෙනිවැල්ල වත්ත වැනි ස්ථාන වල පරිසරයට හානි වන අන්දමින් මෙම වගාව සිදුවන බැවින් එම ප්‍රදේශයේ ජනතාව අතර ගැටළුකාරී තත්වයක් ඇතිවීමට මෙය බලපා ඇති බව  ප්‍රකාශ කල සේක. මේ පිලිබඳව පාරිසරික අධ්‍යනයක් සිදුකර ජනතාව දැනුවත් කිරීම මගින් මෙම ගැටළු මඟහරවාගත හැකි බව වැඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කළසේක.

 

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අවධානම සහිත ඉඩම් හදුනා ගැනීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අමාත්‍යතුමා විසින් වැවිලි කර්මාන්ත අමාතයාංශයේ අතිරේක ලේකම් වෙත දන්වන ලදී. මේ සඳහා ඉඩම් නිලධාරී හා අදාල ප්‍රාදේශීය ලේකම් වරුන් යොදා ගන්මින්  අප වෙත වාර්තා කරන ලෙස දැන්වීය. මෙහිදී එම කමිටුව මගින් හදුනාගන්නා ලද නාය යෑමේ ඉඩම් වල මෙම වගාව සිදුකිරීම සම්පූර්ණයෙන් නතරකරන බව මෙහිදී තීරණය විය.

 

ගාමිනී රත්නායක මයා, කැඳවුම්කරු, කෑගලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානය

 

කෑගල්ල  දිස්ත්‍රික්කයේ රබර් වගාව සිදුකරනු ලබන ඉඩම් වැඩි ප්‍රමාණයක් කටුපොල් වගාව සඳහා යොදාගෙන ඇත. රබර් වගාව මෙන් කටුපොල් වගාව පරිසර හිතකාමී වගාවක් නොවන බවත් එම වගාව මගින් පරිසර ගැටළු බොහොමයක් ඇති වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් මෙම වගාව තාවකාලිකව නවතා තිබියදීත් වැවිලි සමාගම් මගින් මෙම වගාව සිදුකරමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

 

තාරක බාලසූරිය මැතිතුමා, ගරු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

 

කටුපොල් වගාව සිදුකිරීමේදී පරිසරයට හානිදායක නොවන ආකාරයට සිදුකල යුතුය.  මෙම වගාව සඳහා සුදුසු ප්‍රදේශ තෝරා ගැනීම සිදුකල යුතු අතර එම ප්‍රදේශවල පමණක් මෙම වගාව සිදුකල යුතුය.

 

අධ්‍යක්ෂ (පර්යේෂණ), මධ්‍යම පරිසර අධිකාරිය

 

කටුපොල් වගාව පිළිබඳ මහජන පැමිණිලි රාශියක් ලැබී ඇත. මෙම ගැටළුව සම්බන්ධයෙන් පාරිසරික අධ්‍යයන වාර්තාව සකස් කිරීම සඳහා අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා සිදුකර ඇත. එම විද්වත් කමිටුව මගින් සියලු කරුණු සලකාබලා ඉදිරි සති කිහිපය තුල මෙම වාර්තාව ලබාදීමට හැකි බව දැන්වීය.

 

කනක හේරත් මැතිතුමා, ගරු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

 

කටුපොල් වගාව සිදුකිරීමේදී පරිසරයට හානිදායක නොවන ආකාරයට සිදුකල යුතුය.  තවද ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡාකර මෙම වගාව ආරම්භ කලේනම් මෙවැනි ගැටළුකාරී තත්වයක් ඇති නොවේ.

 

ජයන්ත විජේසිංහ මයා, පරිසරවේදී, පරිසරය සුරැකීමේ සංවිධානය

 

කටුපොල් වගාව සිදුකිරීමේදී පරිසරයට හානිදායක නොවන ආකාරයට සිදුකල යුතුය.   බොහොමයක් වැවිලි සමාගම් මගින් මෙම වගාව සඳහා කඳුමුදුන් වල ඇති භූමි තෝරාගෙන ඇත. එබැවින් එම ප්‍රදේශවල නාය යෑමේ ගැටළුවට මුහුණපෑමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස අංහෙට්ටිගම කඳුමුදුන් භූමිය ගත හැකිය. තවද රබර් වගාව ඉවත් කර මෙම වගාව සිදුකිරීම මගින් පරිසර සමතුලිතතාවයට බලපෑමක් ඇති වෙයි. තවද පරිසර සංවේදී කළාප මෙම වගාව සඳහා තොරා ගැනීම සිදු නොකල යුතුය. පරිසරයට හානිදායක නොවන ආකාරයට සුදුසු ඉඩම් තෝරා ගනිමින් මෙම වගාව සිදුකරන්නේ නම් මෙවැනි ගැටළුකාරී තත්වයන් ඇති නොවේ.

 

ලලාන් වැවිලි සමාගම

කටුපොල් වගාව සිදුකිරීමේදී පරිසර සංරක්ෂණ ක්‍රම යොදා ගනිමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරනු ලබයි. තවද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ඉඩම් පරික්ෂාව සිදුකරන ලදී. මෙම වගාව සඳහා ඇති ගැටළුකාරී තත්වයන් නිරාකරණය කරගනිමින් මෙම වගාව සිදුකිරීමට සූදානම් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

 

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා

 

පාරිසරික අධ්‍යයන වාර්තාව ලැබෙන තුරු මෙම වගාව තාවකාලිකව නතර කල යුතුය. තෙත් බිම් සහ බෑවුම් සහිත ඉඩම් මේ සඳහා යොදා නොගත යුතුය. සති 3ක් ඇතුලත මෙම වාර්තාව පාරිසරික අධ්‍යයන ලබාදෙන ලෙසත් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැස්මක් පිළිබඳ නිර්දේශ ලබාදෙන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දෙන ලදී.

 

පූජ්‍ය දෙණියායේ දේවානන්ද හිමි, ශ්‍රී සෝභිතාරාමය, එළිපංගමුව

 

කටුපොල් වගාව සිදුකිරීමේදී පරිසරයට හානිදායක නොවන ආකාරයට සිදුකල යුතු අතර මේ සඳහා සුදුසු ඉඩම් තෝරාගත යුතුය. තවද සුදුසු ඉඩම් තොරා ගන්නා තුරු එම වගාව තාවකාලිකව නැවැත්විය යුතුය.

 

කෑගලු වැවිලි සමාගම

 

පොල් පර්යේෂණ ආයතනයේ මාර්ගෝපදේශනයට අනුකූලව මෙම වගාව සිදුකිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදී. තවද කටුපොල් වගාව සිදුකරනු ලබන ඉඩම් වල වේදිකා සකස් කිරීමේදී පරිසරයට හානිදායක නොවන ආකාරයට සිදුකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

 

ආචාර්ය නයනි ආරච්චිගේ මිය, පොල් පර්යේෂණ ආයතනය

 

මේ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය විසින් හදුනාගෙන ඇති ගැටළු සලකා බලා ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත උපදෙස් මාලාවක් ලබාදී තිබේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය, රබර් පර්යේසණ ආයතනය හා අනෙකුත් ආයතනයන් නියෝජනය වන පරිදි කමිටුවක් මගින් වැවිලි සමාගම් තෝරාගන්නා ලද ඉඩම් සුදුසුදැයි පරීක්ෂාකර මෙම වගාව සඳහා අවසර දීම සිදුකරනු ලබයි. තවද මූලික වශයෙන් කටුපොල් වගාව සඳහා සුදුසු ඉඩම් තෝරා ගැනීම, ලංකාවේ සුදුසු ප්‍රදේශ  තෝරාගැනීම, බිම් සැකසීම හා බීජ පැල වගාකිරීමේදී අනුගමනය කල යුතු නිර්ණායක  වැනි සාධකද මෙම කමිටුව මගින් සොයා බලනු ලබයි.

 

තුසිතා විජේමාන්න මැතිණිය, ගරු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

 

කටුපොල් වගාව සඳහා සුදුසු ඉඩම් තිබියදීත් ලලාන් වැවිලි සමාගම මගින් නාය යාමට ලක්වූ ජනතාව නැවත පදිංචිකිරීම සඳහා ලබාදුන් ඉඩම්  මේ සඳහා තෝරාගෙන ඇත. එබැවින් වැවිලි සමාගම් ඉඩම් තොරා ගැනීමේදී  සැලකිලිමත් ලෙස කටයුතු කළ යුතුය.

 

කේ.වයි.පී.බණ්ඩාර මහතා - ජේෂ්ඨ සමූහ සාමාන්‍යාධිකාරී - මහඔය වතුයාය (ලලාන් සමාගම)

 

ඉහත කරුණ පිලිබදව පැහැදිලි කරමින් කියා සිටියේ ඔවුන් විසින් එම ජනතාව පදිංචි කිරීමට ඉඩම් නිදහස් කරන විටත් කටුපොල් වගාව සඳහා බිම් සකස්කිරීම් අවසන් කර තිබූ බවයි. එවිට ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් බිම් සකස් කිරීම සඳහා නිත්‍යානුකූලව  අවසර ගෙන තිබූනාද යන්න විමසීය? එයට පිලිතුරු දෙමින් පවසා සිටියේ මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූලව අවසර ගෙන තිබූ බවයි.

 

දිස්ත්‍රික් සංවිධායක, ලංකා ජාතික වතුකම්කරු සංගමය

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල පෝෂක ප්‍රදේශ තෝරා ගැනීම සිදුනොකර කුරුණෑගල වැනි ප්‍රදේශවල මෙම වගාවට සුදුසු පාරිසරික තත්වයන් තිබේදැයි පරීක්ෂා කර එම ප්‍රදේශවල මෙම වගාව ව්‍යාප්ත කිරීම සුදුසු බව ප්‍රකාශ කරන ලදී.

 

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා

 

මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අධ්‍යයන වාර්තාව ලැබෙනතුරු මෙම වගාව තාවකාලික නතර කරන ලෙස  වැවිලි සමාගම් වෙත දැනුම් දෙන ලදී. තවද  එම වාර්තාව ලැබුනු පසු නැවත සති 3 කින් මෙවැනිම ආකාරයේ සකච්ඡාවක් පවත්වන බවත් පවසමින් සභාවේ වැඩකටයුතු අවසන් කරන ලදී.

 

 

 

 

එල්.ජේ.එම්.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර

දිස්ත්‍රික් ලේකම්/දිසාපති

කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය.

 

 

 

 


 

 

 

 

District Environment Summit in Kegalle District

 

 

District Environment Summit in Kegalle District

 
District Secretary/GA

Mr. L.J.M.G.Chandrasiri

Bandara

Contect email