අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය සංවර්ධනය පෙරදැරි කර ගත් 9 වන ගම සමඟ පිළිසඳර වැඩසටහන පසුගිය පෙබරවාරි 06 වන දින දැරණියගල ප්‍රාරාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහි දී ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව මේ වන විට එහි වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ දෙවන ප්‍රගති සමාලෝචන රැස්විම අද (28) දින පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්රාධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
එහි දී මහා මාර්ග හා පාලම්, ප්‍රජා ජල හා පානීය ජල ව්‍යාපෘති, ඉඩම් හා සම්බන්ධ ගැටලු ඇතුලු කරුණු ගණාවක් සම්බන්ධව ඊට අදාල රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් ගෙන ඇති වත්මන් ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. විරකෝන්, නියෝජ්‍ය අධ්යක්ෂ සැලසුම් ඊ.ආර් ගාමිණී යන මහත්ම මහත්මීන් හා මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය හා ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව ඇතුලු අදාල ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිය හ.













