“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමෙහි ලා කාබනිත ආහාර නිෂ්පාදනය දිරි ගැන්විම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවේ.
එම අරමුණ යථාර්ථයක් බවට පත් කිරිම සඳහා වන තවත් අදියරක් ලෙස රඹුක්කන හේවාදිවෙල ප්‍රදේශයේ ගොවීන් 18 දෙනෙකු තෝරා ගනිමින් කාබනික එලවලු වගා ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ ඔස්සේ එම ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් වෙළද පොළ අවස්ථා සකසා දිම ප්‍රධානම අපේක්ෂවයි.
ඒ අනුව සාම්ප්‍රදායික කෘෂි රටාවන් ඔස්සේ වස විසෙන් තොර කාබනික ආහාර පාරිභෝගිකයින්ට ලබා දීමේ අරමුණ පෙරදැරිව දකුණු කොරියානු ග්යෝන්සාන්බුක් පළාත් සභාව , සේමාවුල් ගෝලියකරණ පදනම හා සබරගමු පළාත් සභාව ඒකාබද්ධව ඉදි කළ සෙමාවුල් (GAP) එළවලු සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කිරිම අද (28) දින පෙරවරුවේ රඹුක්කන හේවාදිවෙල දි සිදුකෙරිණි.
මෙහි දි කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ප්‍රකාශ කළේ දේශීය වගාකරුවන්ට තම නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ප්‍රවර්ධනය කිරිම තුලින් එම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමත් ඒ තුලින් ජාතික ආර්ථිකය නඟා සිටුවිමත් සිදුවන බව ය.
මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශිය සභාවේ සභාපති අතුල හඳගම, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ, සෙමාවුල් පදනමේ අධ්යක්ෂ පාර්ක් යන මහත්වරුන් ඇතුලු සහකාර සමුපකාර කොමසාරිස් (මාවනැල්ල කලාපය), ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂි කර්ම ක්ෂත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිය හ.













