
‘වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන’ යටතේ ග්‍රාමීය වැව් අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් කොහොලුල්ල වැවැ (වැරැල්ලපත වැව) කුඹුරු අක්කර 78 ක් සඳහා යල මහ දෙකන්නයටම ජලය සැපයීමට හැකි පරිදි රු. 30,12,000.00 පිරිවැයකින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මාස 6 කින් නිම කිරීමට සැලසුම් කර ඇත.
මේ අවස්ථාව සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.













