182537019 1473758779632347 8831405528970324184 n

දැනට සංවර්ධනය කරමින් පවතින යටියන්තොට - සීපොත් මාර්ගයේ ඉදිකිරීම්වල දි පැන නැඟී ඇති ගැටලු හා ඊට ලබා දිය හැකි කෙටි කාලීන , දිගු කාලීන විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් අද දින (10) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහි දි අදහස් දැක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින් ද එස් විරසුරිය මහතා ප්‍රකාශ කළේ මෙම ඉදි කිරිම් අධි සංව්දි පරිසර කලාපයක් තුල සිදු වන බැවින් ඊට අදාල ඉදිකිරිම් සිදු කිරීමේ දී එම පරිසර පද්ධතීන් හා ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් තිරසාර සංවර්ධන ඉලක්ක මතම කටයුතු කළ යුතු බව අවධාරණය කළේ ය.

ඒ අනුව මෙම සාකච්ඡාවේ දී එළඹෙන බ්‍රහස්පතින්දා දින සියලුම ව්‍යාපෘතියට අදාල නිලධාරීන් කේෂත්‍ර පරික්ෂාවක් සිදුකොට කඩ්නම් විසඳුම් ලබා දිමට තීරණය කල අතර අවහිර වී ඇති ඇළ මාර්ගය පිළිසකර කිරිම, අනාරක්ෂිතව පවතින පවුල් හා ඔවුනගේ හානියට පත් වගාවන් සඳහා රක්ෂණ ක්‍රමවේදයක් සැලසීමට අවශ්‍ය කටයුතු කෙරෙහි අදාල කොන්ත්‍රාත් ආයතනය කටයුතු කිරිමට මෙන්ම මෙම ඉදිකිරිම තුල ඉවත් කරන පස් සුදුසු ස්ථානයකට ඉවත් කිරිමටත් තීරණය කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මෙහි දි ප්‍රකාශ කළේ ඉදිරියටත් ව්‍යාපෘති කටයුතු සාර්ථකව නිමා කිරිම සඳහා මනා සන්නිවේදනයක් පවත්වා ගත යුතු අතර දේශපාලන අධිකාරිය ලෙස තම පාර්ශවයෙන් ලබා දිය හැකි සහය නිරන්තරයෙන්ම ලබා දෙන බව ය.

මෙම අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශිය සභාවේ ගරු සභපතිතුමන්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් ඉංජිනේරු සාරනාත් විමලචන්ද්‍ර, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ යන මහත්ම මහත්මින් හා දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු , මලල්පොල ග්‍රාම නිලධාරී , ආපදා සහන නිලධාරී, ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත් නිලධාරීන් ඇතුලු අදාල ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිය හ.