කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගිය මාසය තුල ඇති වු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා රොටරි සංගමය මගින් ලබාදෙන ලද ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක් අද (25) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපිය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ, ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක යන මහත්ම මහතමින් ඇතුලු රාජ්‍ය නිලධාරින හා ප්‍රතිලාභින් පිරිසක් සහභාගි වි සිටියහ.


















