අරණායක මැතිවරණ කොට්ඨාසයේ නාරම්ගම්මන ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් සෞභාග්‍යා කුළුබඩු නිෂ්පාදන ගම්මානයේ ප්‍රතිලාභින් 50 දෙනෙකු සඳහා මූල්‍යමය ආධාර ලබා දීමක් අද (05) පස්වරුවේ දී නාරම්ගම්මන විහාරස්ථානයේ දී සිදු කෙරිණි.


ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා එම ජනතාව දිරි ගන්වමින් ජීවන තත්වය උසස් කිරීම ඔස්සේ ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා රජය මෙවැනි වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.


මෙම අවස්ථාවට එක්වූ සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේ රජය මඟින් ක්‍රියාත්මක කරන මෙවන් සුභසාධක වැඩසටහන්වල ඇති ප්‍රයෝජන ජනතාව විසින් නිසි ලෙස ලබා ගැනීමට නම් උනන්දුව හා උත්සාහය මත පදනම්ව කටයුතු කිරිම අත්‍යවශ්‍ය වන බව ය. ඒ ඹස්සේ දේශීය කර්මාන්ත සංස්කෘතියක් බිහි කරමින් රට ඉහළ සංවර්ධනයක් කරා ගෙන ඒම සිය අපේක්ෂාව බව ද සඳහන් කළේ ය.


මෙම අවස්ථාවට කලාපිය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා හා ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය , කෑගල්ල/ දිසාපති දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාර්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.