2021 පුරා විද්‍යා දිනය සමරනු වස් දියත් කෙරෙන පුරා විද්‍යා දෙසතිය වැඩ සමහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරා විද්‍යා ස්ථාන 05 ක් සම්බන්ධ කර ගෙන ඔසු උයන් නිරිමාණය කිරිමේ වැඩ සටහනක් සකස් කර තිබෙන අතර එහි පළමු වැඩ සටහන අද( 08) දින පෙරවරුවේදී දැදිගම පුරා විද්‍යා ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරණි.
 
මෙම වැඩ සටහන සිදු කෙරෙන අනෙකුත් පුරා විද්‍යා ස්ථාන වන්නේ රඹුක්කන දැලිවල, දෙවනගල, වට්ටාරම, සීතාවක යන පුරා විද්‍යා ස්ථානයන්ය.
මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කලේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩ සටහන කාලෝචිත හා අර්ථවත් එකක් බවද අතීත පුරා විද්‍යා උරැමයන් ආරක්ෂා කර ගැනීම අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත තර ගැනීම වැදගත් වන බවය.
 
මෙම අවස්ථාවට ජාතික උරැම , ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග, ප්‍රාදේශිය සභා සභාපති සරත් සුමනසුරිය, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජිව,පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.