සුරකිමු ගංගා ජාතික වැඩ සටහන යටතේ මේ වන විට ගංගාවන්හි ජලය දුෂණයට ලක්වන හා පරිසර පද්ධතිය හානියට ලක්වන ස්ථාන ප්‍රාදේශීය මට්ටමින් හදුනාගෙන එම තත්වයන් අවම කිරිම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (20) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කය වසර පුරාම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයකි. ඒ හේතුවෙන් ගංගා ආශ්‍රිතව නොදිරන කැලිකසල එක් විමේ වැඩ් ප්‍රවනතාවයක් ඇත.කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා තුනක් සඳහා අනුමැතිය හිමි වී ඇත.


ඒ අනුව පලාත් පාලන ආයතන 12 සදහා විධිමත් ලෙස කසල බැහැර කිරිමේ ක්‍රමවේදය පිළිබදව අවධානය යොමු වි ඇත. රුපියල් මිලියන 7.2 මුදලක්, බ්‍රේල යන්ත්‍ර (නොදිරන කසල කුට්ටි ලෙස සකස් කිරිම සදහා) 9 ක් මිලදි ගැනීම සදහා වෙන් වී ඇත. විශේෂයෙන් නාගරික ප්‍රදේශයන්හි ජනතාව විධිමත් ලෙස කසල බැහැර කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර ජනතාව දැනුවත් කිරිම කෙරෙහි මෙහිදි අවධානය යොමු විය.

බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කැළණි ගගේ ජල පෝෂක රිටිගහ ඔය සංරක්ෂණය කිරිමටත් , බුලත්කොහුපිටිය නගර මධ්‍යයේ ගලා බසිනා අලවතුර ඇලට අවිධිමත් ලෙස කසල බැහැර කිරිම පාලනය කිරිම කෙරෙහි අවධානය යොමු විය. ජනතාව දැනුවත් කිරිම, ඔයේ නිර්මාණය වී ඇති ගොඩැලි ඉවත් කිරිම, ඛාදනය වී ඇති ස්ථාන සංරක්ෂණය කිරිම සදහා ආරක්ෂිත පැල සිටුවීම පිළිබදවද සාකච්ඡාවට ලක් විය.


කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ගුරුගොඩ ඔයේ ජල පෝෂක ප්‍රදේශය සංරක්ෂණය කිරිමත්,තුළුමුව හරහා ලබා ගන්නා ජලයේ ගුණාත්මක බව ඉහල නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු විය. ඒ යටතේ උදුගොඩ ගොවිපොලේ අපදියර විධිමත් ලෙස බැහැර කිරිම සඳහා ටැංකි ස්ථාපිත කිරිම, මොරොන්තොට සති පොල ආශ්‍රිතව ජීව වායු ඒකකයක් ස්ථාපිත කිරිම, කෑගල්ල සති පොලේ කැළි කසල විධිමත් ලෙස බැහැර කිරම සම්බන්දව දැනටමත් කටයුතු කෙරෙමින් පවති.

යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කැළණි ගගට අපදුව්‍ය එක්වීම ශ්‍රිපාද වන්දනා සමයත් සමග බහුලව සිදුවන බැවින් ඒ සදහා විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු විය.කැළණි ගගේ කිතුල්ගල ආශ්‍රිතව වැසිකිලි පද්ධතියක් ස්ථාපනය කිරිම,ඉවුරු සංරක්ෂණය කිරිම සඳහා පැල සිවුවීම, දැනුවත් කිරිමේ පුවරු සිටුවිම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.ටී. එන්. කිරිඇල්ල, කෑගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ කේ. ඒ පෙරේරා, දිස්ත්‍රික් සැපසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, යන මහත්ම මහත්මීන්ද, පලාත් පාලන සහකාර කොමසාරිස්,පරිසර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.