කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ සංකල්පයකට අනුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ළමා හා කාන්තා අංශය මඟින් මෙහෙයවනු ලබන අඩු වයස් ගැබ් ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින කේෂත්ර නිලධාරීන් දැනුවත් කිරීමේ දෙ දින පුහුණු වැඩසටහනක් අද (02) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් පිරිදි ආරම්භ විය.
ළමා හිංසනය මෙරටින් තුරන් කිරිම සඳහා වූ වැඩසටහන් ගණනාවනක් ක්‍රියාත්මක වන අතර මෙවැනි දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළේ කාලීන වශයෙන් පමණක් නොව නිරතුරුවම ළමා අපචාර වැළැක්වීම පිළීබඳ අවධානයෙන් පසු විය යුතු බවත් කේෂත්ර නිලධාරීන් ඒ සඳහා පෙරමුණ ගත යුතු බවත් ය.
කාන්තා හා ළමා සංවර්ධන ඒකකවල සේවය කරන කේෂත්ර නිලධාරීනගේ දැනුම වැඩි කිරීම, අඩු වයස් ගැබ් ගැනීම් වැළැක්වීමට හා දැනට ගැබ් ගෙන සිටින නව යෞවනියන්ට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කිරීම ඇතුලු කරුණු රාශියක් පිළිබඳ මෙම පුහුණු වැඩමුලුවේ දී දැනුවත් කිරිමට නියමිත ය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ළමා හා කාන්තා අංශවල කේෂත්ර නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.















