වසර 2025 දි අපනයන කෘෂි ක්ෂේත්රයෙන් ලබන ආදායම දෙගුණයක් කිරිමත්, අපනයන කෘෂි ක්ෂේත්රයේ අගය එකතු කල නිෂ්පාදන 25% දක්වා වැඩි කිරිමත් , ඒ තුලින් නව කෘෂි ව්‍යවසායකයින් බිහිකිරිමත් අරමුණු කර ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපනයන කෘෂි කලාප වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන උඩකරඩුපන ග්‍රාමයේදි අද ( 28 ) දින පෙරවරුවේ දි කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
කෑගල්ල අපනයන කෘෂි කළාපය තුල කුරුඳු සහ වැනිලා වගාව සිදුකෙරෙන අතර ග්‍රාම නිළධාරි වසම් 10 ක් ආවරණය වන පරිදි ප්‍රතිලාභින් 100 දෙනෙකු මේ සදහා තෝරා ගෙන තිබේ.
මෙහි දි කලාපීය සහයෝගිතා අමාත්‍ය තාරක බාලසුරිය මහතා සඳහන් කළේ , සුළු අපනයන භෝග නිෂ්පාදනය දිරි ගැන්විම සදහා රජය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව සදහන් කල අතර නිෂ්පාදනයන්හි ප්‍රමිතිය උසස් කිරිම හා අගය එකතු කිරිම තුලින් ජාත්‍යන්තර වෙළද පල අත්පත් කර ගැනිම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට උපයා දිමට හැකිවන බව ය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙවැනි කෘෂි කලාප 21 ක් ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ඒ තුළින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වන අතරම රටේ සංවර්ධනයට ද එය මහගු පිටිවහලක් වන බව කෑගල්ල දිසාපති /දිසත්‍රික් ලේකම් මහින්ද එස්.විරසුරිය මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෑගල්ල නගරාධිපති ජි. කේ.සමරසිංහ, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි. එස් නිශාන්ත, දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ. ඒ. විරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ උපුල් මුණවිර,දිස්ත්‍රික් අපනයන සහකාර අධ්යක්ෂ කේ.පි.පි.මධුෂානි, යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රතිලාභින් පිරිසක් එක්ව සිටිය හ.























