2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ නවක නිලධාරී නව දෙනෙකු තම සේවාස්ථ පුහුණුව ආරම්භ කිරීමේ අවස්ථාව අද (04) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

රාජ්‍ය සේවය යනු මහජන සේවයක් වන බවත් ජනතා සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට අවංකවම කැප විය යුතු බවත් , සේවයේ ගෞරවය හා කීර්තිනාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරිමට අදිටන් කර ගන්නා ලෙසත් මෙම නවක නිලධාරින් අමතා කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා සඳහන් කළේ ය.

කෑගල්ල දිස්ත්‍රික්කය තුල පවතින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයට අනුබද්ධ ආයතන මෙන්ම අර්ධ රාජ්‍ය ආයතන සඳහා මෙම නිලධාරීන් පුහුණුවට යොමු කිරීමට අපේක්ෂිත ය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අති‍රේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී,ඒ,පී කුසුම්සිරි , දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ,ප්‍රධාන අභ්‍යන්තර විගණන තුෂාරී ජයවර්ධන,ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.