පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින් "තටු සවිමත් සමනල වියක් උදෙසා "සංවාදාත්මක දැනුවත් කිරිමේ වැඩසටහනක් zoom තාක්ෂණය ඔස්සේ අද (05 ) පස්වරුවේ දි පැවැත්විණි.

මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාගේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරෙන හයවන වැඩසටහනයි.

"තටු සවිමත් සමනල වියක් උදෙසා " දෙමාපියන්ගේ හා දරුවන්ගේ කාර්යභාරය සංවාදාත්මක දැනුවත් කිරිමේ වැඩ සටහන කෑගල්ල කොට්ඨාස ප්‍රජා සමිබන්ධතා නිලධාරී සමන් සේනානායක මහතාගේ
සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.මෙම වැඩ සටහනේ අරමුණ මනා පෞරුෂයකින් යුත් දරුවෙක් පවුලක් තුළ බිහි කර ගැනීමයි.

මෙම වැඩ සටහන ඇගයිමට ලක් කරමින් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය පවසා සිටියේ මෙවැනි දැනුවත් කිරිම් තුළින් සුරක්ෂිත දරුවන් ලොවට දායාද කිරිම සදහා දෙමාපියන්ට වඩා හොද මග පෙන්වීමක් ලැබෙන බවය. එමෙන්ම ලොව පුරා වසංගතයක් පැතිර පවතින මෙවන් සමයක තාක්ෂණය මෙවැනි කටයුතු සදහා යොදා ගැනීම අගය කල යුතු බවය.

කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාවේ දරුවන්ගේ දැඩි උනන්දුව හා කැප කිරිමත්, සහභාගීත්වයත්, දෙමාපියන්ගේ සහභාගීත්වයත් මත දිස්ත්රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කිරගල මහත්මියගේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්විණි.