ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි, අගය එකතු කිරීම ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර 2ක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් සැලසුම් සකස් කර ඇත.
මේ යටතේ ගම්වල පවතින සම්පත්වල බහුලතාව අනුව ගමකට අවශ්‍ය නිෂ්පාදන තෝරාගනු ලබන අතර, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම හා ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක් ලබා දීමටත්, ඔවුන්ට අවශ්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමටත් සැලසුම් කරේ.
ඒ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන අපනයන කෘෂි කලාප වැඩසටහන යටතේ කෑගල්ල , දෙහිඹ්විට, රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලින් තෝරා ගත් කුරුඳු වගාකරුවන් 15 දෙනෙකු සඳහා මෙම කුරුඳු නිෂ්පාදනය, තාක්ෂණය භාවිතය හා අපනයන පිළිබඳ ප්‍රායෝගික පුහුණු අවස්ථාවක් නොවැම්බර් 22 – 26 දක්වා මාතර තිහගොඩ, කුරුඳු පර්යේෂන මධ්‍යස්ථානයේ දී පැවතිණි.
කෑගල්ල දිසාපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඊට අදාල රාජ්‍ය අමාත්‍යංශය හා කුරුඳු පර්යේෂණ ආයතනයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම පුහුණුවේ දී වගාකරුවන්ට බලපාන කුරුදු වගා ආශ්රිත ගැටලු සඳහා විසඳුම් ලබා දිම සිදු විය.
ඒ අනුව උත්ක වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උක් , බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැට්, බුලත් ඇතුලු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය , ජනතා සංවර්ධන පදනම හා oxfam ආයතනය එක්ව ය.
මෙම පුහුණු වැඩසටහනෙහි අවසන් දිනය සඳහා කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින් ද එස් වීරසූරිය මහතා ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සිටිය හ.




















