ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ජාතික ශරිර සුවතා ව්‍යාපෘතියෙහි (දෙවන අදියර) සඳහා කෑගල්ල දිස්ත්‍රික් පුහුණුකරුවන් සඳහා වන දෙදින වැඩමුලුව අද (30 ) දින පෙරවරුවේ දි කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දි ආරම්භ විය.
දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දිල්රුක්ෂි ඒකනායක මහත්මිය මෙහි දි බෝ නො වන රෝග පිළිබඳ පළමු දේශනය සිදු කළාය.
මෙම දෙදින පුහුණ වැඩසටහන තුල දි පෝෂණය, ශක්ති වර්ධනය හා යෝග්‍යතා පුහුණු වැඩසටහන, දිස්ත්‍රික් ශරිර සුවතා සංගමය පිහිටුවීම යනා දි කාරණා පිළිබඳ අවධානය යොමු කෙරේ. මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ශරීර සුවතා පුහුණුකරුවන් 100 දෙනෙකු සම්බන්ධ වේ.
මෙම සමාරම්භක අවස්ථාවට ක්‍රීඩා හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක සමරසිංහ, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරිනී සුසීමා පරුස්වල්ල, දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී ශුක්රී ඒ වාහිඩ් ඇතුලු ක්‍රීඩා සංවර්ධන දෙපාරතමේන්තුවේ නිලධාරින්, පුහුණුකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


















