මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවන ලද වෘත්තීය මාර්ගෝපදේශ සතිය නොවැම්බර් මස 4 -10 දින දක්වා පැවැත්වූ අතර ඊට සමගාමීව මාර්ගගත ක්‍රමවේද ඔස්සේ දියත් කළ තරගාවලියේ ජාතික මට්ටමේ ත්‍යාග හා සහතික පත් ලබා ගත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් හත් දෙනකු වෙනුවෙන් ඔවුනට හිමි සහතික පත් පිරිනැමීම අද (03) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
එහිදී ගද්‍ය රචනා (සිංහල) කථික (සිංහල ), ජාතික මට්ටමේ කුසලතා සහතික , රචනා (දෙමළ), රචනා (සිංහල), රචනා (දෙමළ /වැඩිහිටි )දැනුම මිනුම තරගය යන ඉසව් ඔස්සේ ජයග්රහන ලබාගත් සිසු දරුවන් සඳහා සහතිකපත් ලබාදීම සිදුවිය .
මෙම තරඟ සඳහා අයදුම්කරුවන් යොමු කිරීම දී දහම් පාසල් ,තරුණ සේවා සභාව, ළමා හිමිකම්, සමෘද්ධී යන ආයතන හා එම නිලධාරීන්ගේ සහාය මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින මානව සම්පත් නිලධාරීන්ගේ ද දායකත්වය ඉමහත් ලෙස ලැබිණි .
සහතික පත්‍ර ප්රදානය කිරීමේ අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී දිස්ත්‍රික් සමුර්ධි අධ්යක්ෂ ටී .ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ,දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .





















