ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියට අන්තර් ග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයට අනුයුක්ත කරන ලද නවක පරිපාලන නිලධාරීන් තමන් රාජකාරිය කළ මාස දෙකක පමණ කාලය තුළ පුහුණුව ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ලබාගත් අත්දැකීම් අළලා සිදුකෙරුණු ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (03) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
රඹුක්කන, වරකාපොල , අරණායක , මාවනැල්ල, රුවන්වැල්ල ,දෙහිඕවිට, යටියන්තොට සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී එම නිලධාරීන් තම පුහුණු කටයුතු සිදුකළ අතර එම ආයතනයන්හි දැනට ක්‍රියාත්මක තමන් විසින් හඳුනාගන්නා ලද ශක්තීන්, දුර්වලතාවයන් හා වැඩි දියුණු කළ යුතු අංශයන් පිළිබඳව මෙන්ම නව යෝජනා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම මෙහිදී සිදු විය.
එම අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සමුර්දි අධ්යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගි වූහ .


















