"සිත් සියපත්" දිස්ත්‍රික් සාහිත්‍යය කලා මහෝත්සවයට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින දුවා දරුවන්ගේ හැකියාවන් මැන බැලෙන දිස්ත්‍රික් පද්‍ය ගායනා තරග හා අත් අකුරු තරගය අද දින (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දී හා සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි .
ප්‍රාදේශීය මට්ටමේ පැවති තරගවලින් තේරුනු තරගකරුවන් මෙම තරග සදහ ඉදිරිපත් වූ අතර ප්‍රාථමික,පශ්චාත් ප්‍රාථමික හා කණිෂ්ඨ යන අංශ ඔස්සේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් හි තරග ඉසව් අද දින පැවැත්වූ අතර ඊට දරුවන් 37 දෙනෙකු පමණ සහභාගී විය.
මෙහිදී ජයග්‍රහණය ලබන ජයග්‍රහකයින් සඳහා හිමි තයාග මෙම මස අගදී පැවැත්වෙන දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදී පිරිනැමෙන අතර එම ජයග්‍රහකයින් ජාතික මට්ටමේ තරග සදහා ද ඉදිරිපත් වනු ඇත.
මෙම තරගාවලිය දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ සංවිධානයෙන් හා සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය.


















