ආපදා කලමණාකරණ සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන ආපදා අවදානම් අවම කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහන යටතේ ආපදා අවදානම් පවතින දිස්ත්‍රික්ක කිහිපයක් තෝරා ගෙන පවතින අතර ඊට කෑගල්ල දිස්ත්‍රික්කය ද අයත් වේ.


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් අවම කළ හැකි ස්ථාන කිහිපයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් තුල හඳුනා ගෙන ඇති අතර කෑගල්ල , රුවන්වැල්ල, දැරණියගල, අරණායක සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එයට අයත් වේ.


මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරේ. කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා අවදානම් සහිත ස්ථාන දෙකක් තෝරා ගෙන ඇති අතර එම අවධානම අවම කිරිම සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ සමාරම්භය ආපදාකලමණාකරණ හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 29 වන දින පැවැත්වීමට නියමිත ය.


එහි සංවිධාන කටයුතු පිළිබඳ වූ පූර්ව සාකච්ඡාවක් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ආර්.එම් .එස් බංඩාර මහතාගේ සහභාගීත්වයෙන් අද (20 ) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


එම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එම්.පී.ඩී.කේ විජේනායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන යන මහත්ම මහත්මීන්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය, මධ්‍යම පිරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු අදාල ආයතනවල නිලධාරින් පිරිසක් එක් වූහ.