කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් දෙදින සමුළුව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතනයේ දී ඊයෙ (23) සහ අද (24) දින පැවැත්විණි.
මෙහි පළමු දින ප්‍රාදේශීය ලේකම්වරුන් හා සැලසුම් අධ්යක්ෂවරුන් සඳහා ව්‍යාපෘති කළමනාකරණය, ආතති කළමනාකරණය හා ප්‍රාදේශීය සැලසුම්කරණයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සැලසුම් අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සිදුකෙරිණි.
මෙහි දෙවන දින එනම් (24) දින කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා 2021 වර්ෂයේ ක්‍රියාත්මක කෙරුණු සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ පැනනැගුනු ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
2022 වර්ෂයේ පළමු කාර්තුවේ දී එක් ග්‍රාම නිළධාරි වසමකින් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් තෝරාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි.
2021 වර්ෂයේ ක්‍රියාත්මක කෙරුණු විමධ්‍යගත අයවැය වැඩසටහන, අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහන, සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන වැඩසටහන, ග්‍රාමීය ක්‍රීඩාපිටි, wassip වැඩසටහන, වතු යටිතල පහසුකම් සංවර්ධන, දියඇලි සංවර්ධන, අපනයන කෘෂි කලාප, කිතුල් සංවර්ධන හා දහම් පාසල් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්.රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටී.ඒ.පී.කුසුම්සිරි, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ද ප්‍රාදේශිය ලේකම්වරුන්, ප්‍රධාන ගණකාධිකාරී, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගණකාධිකාරිවරුන් සැලසුම් අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.



















