කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික සම්බන්ධීකරණ කමිටු හමුව අද (05) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
ඒ අනුව දිස්ත්‍රික්කය තුල දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක විමධ්‍යගත අයවැය, ගම සමඟ පිළිසඳර, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන, සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන හා අපනයන ගම්මාන, ග්‍රාමිය ක්‍රීඩා පිටි හා ග්‍රාමිය සනීපාරක්ෂක පහසුකම් වැඩසටහන මෙන්ම පළාත් සභාව මඟින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්ඡා කෙරිණි. ඒ අනුව දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන වැඩසටහන ඔස්සේ මේ වන විට ජනගහනයෙන් දෙවන මාත්‍රාව ලබා ගත් ප්‍රතිශතය 88%ක් වන අතර බූස්ටර් හෙවත් තෙවන එන්නත ලබා ගත් ප්‍රතිශතය 49%ක් වැනි අවම අගයක් ගෙන ඇති බව ප්‍රකාශ විය.
මේ අතර දිස්ත්‍රික්කය තුල මී උණ හා ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බව අනාවරණය වු අතර පාසල්, ආයතන හා නිවාස ආශ්‍රිතව දැනුවත් කිරීමක් එළඹෙන සතිය තුල ක්‍රියාත්මක කිරීමට නියමිත ය. මිට අමතරව මෙම හමුවේ දි ළමා හා කාන්තා කටයුතු සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීමට මින් ඉදිරියට කටයුතු කෙරෙන අතර සමහරක් ප්‍රදේශවලින් ළමා අපචාර සිදු වීමේ වැඩි ප්රවනතාවයක් දක්නට ලැබෙව බවත් ඊට පිළියමක් ලෙස ප්‍රජාව දැනුවත් කිරිම සඳහාත් අවධානය යොමු විය. තව ද කෑගල්ල දිස්ත්‍රික්කය තුල හිංසනයට පත් වන කාන්තාවන් සඳහා සහ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් නිරෝධායනය කිරිම සඳහා සුදුසු ස්ථානයක අවශ්‍යතාවයට විසඳුමක් ලබා ගැනීමට ද ඉදිරියේ දි අපේක්ෂිත ය.
මෙම අවස්ථාවේ දී පළාත් මාර්ග කටයුතු, වාරි සෞභාග්‍යා ව්‍යාපෘති, ප්‍රජා ජල සැපයුම්, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරිම, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ, ළමා ආරක්ෂාව, සුරකිමු ගංඟා වැඩසටහන, අධ්‍යාපන හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඇතුලු කේෂත්ර ගණාවක් පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.
මෙහි දි හරිත කෘෂි කර්මාන්තයක් ඇති කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් සජීව්යා කාබනික පොහොර වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක අතර මිලියන 50ක මුදලක් මෙම අවුරුද්ද තුල කාබනික පොහොර නිෂ්පාදන වෙනුවෙන් වෙන් කර ඇති බව ද ප්‍රකාශ විය. මිට අමතරව වාරි මාර්ග සඳහා මිලියන 60ක්, ධීවර කටයුතු සඳහා මිලියන 08ක්, සත්ව නිෂ්පාදන වෙනුවෙන් මිලියන 50 ක මුදලක් අතුලු ප්‍රතිපාදන වෙන්ව ඇති බව ද සඳහන් විය. දිස්ත්‍රික්කයේ සමෘද්ධි වැඩසටහන් සඳහා මිලියන 214 ක් වෙන් කර ඒ ඔස්සේ ජනතාවගේ ජිවන තත්වය උසස් කිරිම සඳහා කටයුතු කරමින් පවති.
දිස්ත්‍රික්කයේ පවතින දුෂ්කර පාසල්වල පවතින ගුරු හිඟය ප්‍රබල ගැටලුවක් වි ඇති අතර ඒ අනුව වසර 5ක සිය පත්වීම ලබන ගුරුවරුන් අනුප්රාප්තියෙක් නො මැති නම් කිසිම හේතුවක් මත වෙනත් ස්ථානයකට මාරු විය නොහැකි බව මෙහි දි අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල යන මහත්ම මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්,කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, පළාත් සභාවේ ඒ ඒ අමාත්‍යංශ ප්‍රධානීන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුලු ආරක්ෂක අංශයේ නිලධාරීන්, දිස්ත්‍රික්කයේ පවතින රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


















