2020 වසරේ රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් සංවර්ධන නිලධාරින් ලෙස සේවයේ ස්ථිර කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් පත්විම් ප්රදානය සංකේතාත්මකව අද (13) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ සංවර්ධන ක්‍රියාදාමයට දායක කර ගැනිම සඳහා මෙම පත්වීම් ලබා දීම විශේෂ අවස්ථාවක් වන අතර ඒ අනුව පත්විම් ලද නිලධාරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සේවයේ පිහිටුවේ.
මෙම අවස්ථාවට එක් වෙමින් දිසාපති/දිස්ත්‍රක් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා නවක නිලධාරීන්ට සුභ ප්‍රාර්ථනා එක් කරමින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවය තුල ප්‍රමාණාත්මක වර්ධනය සේම ගුණාත්මක වර්ධනයක් ඇති විම සඳහා සියලු දෙනාගේම කැපවිම අතිශයින්ම අවශ්‍ය බව ය. රටේ සංවර්ධනය වෙනුවෙන් වර්තමානය ඵලදායී මහජන සේවයක් ලබා දිමට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දිමට තමන් පියවර ගන්නා බවත් ඒ ඔස්සේ යහපත් සේවයක් ලබා දීම සියලු දෙනාගේම වගකිම වන බවත් ය.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා සංවර්ධන නිලධාරී සේවයේ තුන් වන ශ්‍රේණියට සංවර්ධන නිලධාරීන් 848 දෙනෙකු සඳහා පත්වීම් ලබා දිම සිදු වේ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ප්‍රධාන ගණකාධිකාරී ජේ.ඒ.ඒ.සී නිල්මල්ගොඩ යන මහත්ම මහත්මින් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.























