මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මඟින් එම දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ටඨාසවල සේවය කරන නිලධාරීන් 24 දෙනෙකු සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය වන උපකරණ කට්ටල ලබා දිම අද (13) වන දින පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අතින් සිදු කෙරිණි.
මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරන ලද්දේ රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි එච්.ඩී.එන්.රංජිත් මුගුණවෙල මහතා විසිනි.
අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්මීන් , දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

















