පාසල් ළමා ආරක්ෂක කමිටු විසින් හඳුනාගන්නා අවධානම් සහගත ළමුන් සඳහා පාසල් අධ්‍යාපනය නො කඩවා පවත්වා ගැනීමට පාසල් ළමා ආරක්ෂක කමිටු විසින් අධ්‍යාපනික සම්පත් සංචිතයක් ස්ථාපනය කිරිම සඳහා වැඩසටහන් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
එහිලා කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් 36ක් සඳහා ඉදිරියේ දී මෙම වැඩසටහන දියත් කිරීමට කටයුතු කෙරෙන අතර ඒ යටතේ උදුගොඩ කෑ/නාපෑල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.එස් සුගත් සුදර්ශන මහතා වෙත පොත් කට්ටලයක් ලබා දිම අද (13) වන දින පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අතින් සිදු කෙරිණි .
උක්ත වැඩසටහන දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී, දිස්ත්‍රික් මනෝ සම්පත් නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කර්යාලවල සේවයේ නියුතු ළමාරක්ෂක නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබයි.














