දිරිය පියස නිවාස ඉදි කිරිමේ වැඩ සටහන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක තවත් එක් වැඩ සටහනකි.


අඩු ආදායම්ලාභි තනි වැඩිහිටියන් සිටින, ආබාධිත දරුවන් සිටින පවුල් සඳහා මෙම වැඩ සටහන යටතේ වැඩි ප්‍රමුඛතාවයක් ලබා දේ.


ඒ අනුව පසුගිය කාල වකවානුවේ පැවති දැඩි වර්ෂාවත් සමග හානියට පත් වු අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කාරියගම වසමේ මිල්ලන්දු මහත්මිය වෙනුවෙන් ඉදි කල නව නිවස ඇය වෙත භාර දිම ඊයේ දින (18) කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අතින් සිදු කෙරිණි.


මෙම වැඩ සටහන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ රැනරෝල්ඩ් මහතාගේ අධික්ෂණය යටතේ සිදු වු අතර ඒ සදහා ලබා දුන් මුදල රුපියල් ලක්ෂ තුනකි. එමෙන්ම වෙනත් පාර්ෂවයන්ගෙන් ලැබුණු ආධාර සමග මෙම නිවස දින විස්සක් වැනි කෙටි කාලයකින් ඉදි කිරිම විශේෂත්වයකි.


මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසට්. ඒ.එම් පයිසාල් මහතා , දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, කාරියගම වසමේ ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.