2020 වසරේ රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් සංවර්ධන නිලධාරින් ලෙස සේවයේ ස්ථිර කිරීම ඊයේ (18) වන දින අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ සංවර්ධන ක්‍රියාදාමයට දායක කර ගැනිම සඳහා මෙම පත්වීම් ලබා දීම විශේෂ අවස්ථාවක් වන අතර ඒ අනුව පත්විම් ලද නිලධාරින් අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් වල සේවයේ සදහා අනුයුක්ත කෙරේ.
මෙම අවස්ථාවට එක් වෙමින් දිසාපති/දිස්ත්‍රක් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා නවක නිලධාරීන්ට සුභ ප්‍රාර්ථනා එක් කරමින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවය තුල ප්‍රමාණාත්මක වර්ධනය සේම ගුණාත්මක වර්ධනයක් ඇති විම සඳහා සියලු දෙනාගේම කැපවිම අතිශයින්ම අවශ්‍ය බව ය.
රටේ සංවර්ධනය වෙනුවෙන් වර්තමානය ඵලදායී මහජන සේවයක් ලබා දිමට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දිමට තමන් පියවර ගන්නා බවත් ඒ ඔස්සේ යහපත් සේවයක් ලබා දීම සියලු දෙනාගේම වගකිම වන බවත් ය.
මෙම අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසට්. ඒ.එම් පයිසාල් මහතා , අරනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.























