ගම සමඟ පිළිසදර වැඩ සටහන යටතේ ක්‍රියත්මක, ජිවනෝපාය සංවර්ධන වැඩ සටහනේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ව්‍යාපෘතින් හඳුනා ගැනීම පිළිබඳව සාකච්ජාවක් දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම ව්‍යාපෘතින් ඵලදායි ලෙස යොදා ගැනීමේ අවශ්‍යතාවයත් ඒම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදී ඇතිවන ප්‍රයෝගික ගැටළු පිළිබඳව අවධානය යොමු කිරිමේ වැදගත් කමත් දිස්ත්‍රික් ලේකම්තුමන් මෙහිදි වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන යටත් සත්ව පාලන හා සත්ව නිෂ්පාදන, රබර් , පොල් , තේ වගාව ප්‍රවර්ධනය, අපනයන කෘෂි භෝග ලබාදීම, වගා කෘෂි උපකරණ ලබා දිම ,දේශිය අත් යන්ත්‍ර කර්මාන්තය, ජලජීවි වගාව ආශ්රිත යෝජනා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත යෝජනා, කාර්මාන්ත සංවර්ධනය සඳහා කාර්මික සංවර්ධන මණ්්ඩලය සම්බන්ධ යෝජනාවන් , කුඩා ව්‍යාපාර, වෙළද ලෙස මෙම ව්‍යාපෘතින් ක්‍රියාත්මක විමට නියමිතය.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිෂා ඒස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ් ඒ් වීරකෝන් , ප්‍රාදේශිය ලේකම්වරුන් , රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු යටතේ ක්‍රියාත්මක කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයතනයන්හි ප්‍රධානින් ඇතුළු පිරිසක් ඒක් වුහ.

















