දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණය කර අනාගත පරම්පරාව වෙත ගෙන යාම සඳහා දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් සහ ප්‍රාදේශිය ආයුර්වේද සංරක්ෂණ සංවර්ධන නිලධාරීන්ගේ සහාය අත්‍යාවශ්‍ය වන බව කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා සඳහන් කරයි.
දිසාපතිවරයා මෙසේ සඳහන් කලේ අද (26) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති ප්‍රාදේශිය ආයුර්වේද වෛද්‍ය නිලධාරින් හා ප්‍රාදේශිය ආයුර්වේද සංරක්ෂණ සංවර්ධන නිලධාරීන් සමඟ පැවති වැඩ සටහනකට සහභාගි වෙමිණි.
මෙහිදි දිස්ත්‍රික් ආයුර්වේද බල මණ්ඩලය පිහිටුවීමද දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ප්‍රාදේශිය ආයුර්වේද සංරක්ෂණ සභාවල කාර්යයන් කරගෙන යාමේදී පැන නගින ගැටළු හා එවා විසදිම සඳහා යෝජනා ඉදිරිපත් කිරිමද මෙහිදි සිදු කෙරිණි.
මේ වසර තුළ ක්‍රියාත්මක කිරිමට යෝජිත සැලැස්ම තුලින් ආයුර්වේද වෛද්‍යවරැ මුහුණ දෙන ගැටළුවලට විසදුම් ලබා දීමමට හැකිවන බවයි. මෙම ක්‍රියාකාරි සැලැස්ම තුළ ආයුර්වේද ප්‍රදර්ශන පැවැත්වීම, වෛද්‍යවරුන් ඇගයීමට කටයුතු කිරිම, පුස්තකාල පහසුකම් ලබා දිම, ආයුර්වේද පරියේක්ෂණ ග්රන්ථ පල කිරිම, සමාජ ආරක්ෂණ වැටුපට දායක කර ගැනීම හා රක්ෂණාවරණ පහසුකම් ලබා දිමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට කෑගල්ල ප්‍රදේශිය ලේකම් කේ. ජි. ඒස්. නිශාන්ත, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් රම්‍යා ජයසුන්දර යන මහත්ම මහත්මින්ද , ආයුර්වේද සංරක්ෂණ සභාවල නිලධාරීන්ගේ හා ආයුර්වේද සංරක්ෂ සංවර්ධන නිලධාරී ඇතුළු පිරිසක් එක් වුහ.

















