ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වන නිදහස් දිනයට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම ඉතා චාම් හා විචිත්‍රවත් අයුරින් කෑගල්ල නිදහස් මාවතේ දී වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 08.00 ට ආරම්භ විය.
මෙම දිස්ත්‍රික් නිදහස් දින සැමරුම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය ඇතුලු සියලුම අංශ හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදී.
ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගිය ගායනා කොට ඉන් අනතුරුව දේශයේ නිදහස වෙනුවෙන් උර දුන් හෙළ විරුවන් හා රණ විරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදි. ඉන් අනතුරුව සර්ව ආගමික නායකයින් විසින් ආගමික වතාවත් සිදු කරන ලදී.
කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය විසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම ආමන්ත්‍රණය කිරිම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් පවත්වන ලදී. ඉන් පසු ආචාර පෙළපාලිය ගමන් අරඹන ලද අතර ඊට පාසල් තූර්ය වාදක කණ්ඩායම්, පොලිස් ආචාර කණ්ඩායම්, පාසල් පෙරදිග හා අපරදිග තූර්ය වාදක කණ්ඩායම් හා ලාංකේය නර්තන සම්ප්‍රදායන් ඇතුලත් නර්තනාංග මෙන්ම බෙර සංධ්වනිය ඇතුලු විචිත්‍රවත් අංග ගණනාවකින් නිදහස් දින සැමරුම වර්ණවත් විය. පසුව රුක් රෝපණය වෙනුවෙන් පැළ බෙදා දිම පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් සංකේතාත්මකව පාසල් සිසුන්ට හා විදුහල්පතිවරුන්ට ලබා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරින්, ත්‍රිවිධ හමුදා ප්රධානිීන් හා පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කොට්ධාස හා කලාප අධ්‍යාපන නිලධාරීන්, දිස්ත්‍රික්කයේ විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්, පාසල් සිසුන්, ගුරුවරුන්, දෙමාපියන්, ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.






























