වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල ඉදි කෙරෙන විසල් ජල යෝජනා ක්‍රමය පිළිබඳ අදාල පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ හමුවක් අද (10) දින පෙරවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
කොස්ලන්ද, වරකාපොල, කුඩා පල්ලේගම, අල්ගම, උඩුකුඹුර යන ප්‍රදේශ ආශ්‍රිතව ජල තටාක 05 ඹස්සේ කොට්ඨාසයේ පවුල් 37,000 ක් පමණ ආවරණය වන පරිදි රුපියල් බිලියන 27.3 ක් වැය කරමින් ඉදි වන යෝජිත ජල ව්‍යාපෘතිය මෙන්ම දැනට ක්‍රියාත්මක වසම් 7ක් ආවරණය වන පරිදි කුඩා ඔය ජල මූලාශ්‍රෙයන් ජල සම්බන්ධක 1699ක් පමණ සඳහා දියත් වන ව්‍යාපෘතිය පිළිබඳ මෙහි දි පවතින තත්වය සාකච්ඡා කෙරිණි. පවතින ජල තටාක වලින් ආවරණය නොවන දැනට හඳුනාගත් ප්‍රදේශ ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.තව ද ගලිගමුව හා රුවන්වැල්ල කොට්ඨාස ආශ්‍රිතව ක්‍රියාත්මක විසල් ජල යෝජනා ක්‍රම ආශ්රිත කාරාණා පිළිබඳව ද මෙහි දි සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මීන්, දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ ඉන්දිකා සේනාරත්න ඇතුලු දිස්ත්‍රික් සැලසුම් අංශයේ නිලධාරීන්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ රංජිත් ගාමිණි, ජල සම්පාදන මණ්ඩලය,ප්‍රජා ජල දෙපාර්තමේන්තුව (WASSIP) ව්‍යාපෘතිය ඇතුලු අදාල කේෂත්‍රයන්හි නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.

















