තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සඳහා ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක ක්‍රීඩා පාසල් සංවර්ධන කිරීමේ වැඩසටහන - 2022 යටතේ එම පාසල් ක්‍රීඩා පිටිය ඇතුලු සංවර්ධන ව්‍යාපෘතීන්හි තෙවන ප්‍රගති සමාලෝචන හමුව අද (28) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.


පාසල් ක්‍රීඩාංගනය පුලුල් කිරිම, ක්‍රීඩා පිටිය වටා කොන්ක්‍රීට් කාණුව සකස් කර පියන් දැමිම,පැති විකට්ටුව සහිත ආවරණ පිටිය නවතමයෙන් සකස් කිරිම ඇතුලු ඉදිකිරිම් සම්බන්ධව මෙහිදි ඒ ඒ වගකීම්භාර නිලධාරීන් විසින් ප්‍රගතිය ඉදිරිපත් කල අතර ක්‍රීඩා පිටියට අදාල ජල පහසුකම් සැපයිම සම්බන්ධව හා තණ පිඩලි සැකසිමට අදාල නව යෝජනා ද සහිතව කරුණු මෙම හමුවේ දි විශේෂ අවධානයට ලක් විය.


තව ද ක්‍රීඩා පාසල් සංවර්ධන කිරීමේ වැඩසටහන යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අලුත්වැඩියාව, නෝවාසිකාගාරවලට අදාල නාන කාමර හා වැසිකිළි පද්ධතිය හා ජල පහසුකම් හා මුළුතැන්ගෙවල් අලුත් වැඩියා කිරිම , ක්‍රිඩාංගනවල සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරිමට ද කටයුතු කෙරේ.


එම අවස්ථාවට වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජිව, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරිණී ජේ.ඒ.ඒ .සී නිල්මල්ගොඩ යන මහත්ම මහත්මීන් ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා, එම විද්‍යාලයේ විදුහල්පතිතුමන්, හමුදා නිලධාරීන්, දිස්ත්‍රික් සැලසුම් අංශය, දිස්ත්‍රික් ඉංජිනේරු අංශය, දිස්ත්‍රික් ක්‍රීඩා යන අංශවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.