කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල 16කින් සහභාගී වූ දහම් පාසල් සිසු දරු දැරියන් අතුරින් තේරී පත් වූ ජයග්‍රාහකයින් 165 දෙනෙකු සඳහා ත්‍යාග ප්‍රදානොත්සවය පසුගිය දා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
2021 වසරේ දී කොවිඩ් වසංගත තත්වය හමුවේ දහම් පාසල් අධ්‍යාපනය අඩපන වූ අවධියක දහම් පාසල් සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ මෙම දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන සිදු කරන ලදී.
තව ද දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනින් ජය ලද එම දරුවන් පින්නවල අලි අනාථාගාරය මෙන්ම සත්වෝද්‍යානය නැරඹීමට එදින අවස්ථාව උදා විය.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක ශාන්ත බන්නක මහතා ඇතුලු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්, දහම් පාසල් දරුවන්, ගුරු භවතුන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





















