කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සමාජ සේවා නිලධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී දිසාපතිවරයා සඳහන් කළේ කාර්තුමය පදනම මත වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් වන බැවින් එම වැඩසටහන් අදාල කාල සීමාව තුල සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි. තව ද එම වැඩටහන් සංවිධානය කිරීමේ දී සෙසු කේෂත්ර නිලධාරීන්ගේ සහයෝගයද ලබා ගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක නිවාස වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය (ආබාධ සහිත වූවන්ගේ නිවාස), සෘජු ආධාර සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල ප්‍රගතිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ වෙළඳ ප්‍රදර්ශන, ස්වයං රැකියා ආධාර සහ මෙවලම් කට්ටල ලබා දිම, රැකවරණ සහ වෘත්තීය පුහුණු ආයතන කටයුතු පිළිබඳ හා මත්ද්‍රවය නිවාරණ පුහුණු වැඩසටහන්වල ප්‍රගතිය මෙම හමුවේ දී විමසා බැලිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී,සමෘද්ධි අධ්යක්ෂ ටී.ඒ .පී කුසුම්සිරි, දිස්ත්‍රික් නිවාස කලමණාකරු ශ්‍යාමලී කරුණාසිංහ, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි එච්.ආර්.එස් රන්දෙණිය යන මහත්ම මහත්මීන් , සංවර්ධන නිලධාරී (සමාජ සේවා), පළාත් සභා සමාජ සේවා නිලධාරින් ඇතුලු පිරිසක් එක් වූහ.


















