කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද (9) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී රැස්විණි.
මෙහිදී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේ 2022 යල කන්නයේ වී ගොවිතැන සහ වැවිලි භෝග, පලතුරු භෝග, අතිරේක භෝග හා අපනයන කෘෂි භෝග වගාවන් සඳහා අව්‍ය්‍ය කෙරෙන කාබනික පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ දෙපාර්තමේන්තු සහ ආයතන කටයුතු කළයුතු බව පැවසීය.
තවද දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාවය මේ වන විට හඳුනාගෙන ඇති අතර එය සම්පූර්ණ කරගන්නා ආකාරයත් කිසියම් ඌනතාවයක් පවතී නම් ඒ සඳහා කටයුතු කළයුතු ආකාරය හඳුනාගැනීමත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පිලිබඳව ද වැඩි අවධානයක් යොමු කිරීම තුළින් මෙම කමිටුවේ මූලික අරමුණ ඉටුවන බව දිසාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්කය තුළ නිෂ්පාදනය කරන කාබනික පොහොර ලක් පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම ප්‍රමිතිය පරීක්ෂා කිරිමෙන් අනතුරුව මිලදී ගැනීමට නියමිත අතර දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය කබනික පොහොර ප්‍රමාණයන් ඇග්රිස්ටාර් සමාගම සතුව ඇති බවත් මෙහිදි සඳහන් කෙරිණි.
ඒ් ඒ් ගොවිජන සේවා මධස්ථානයන් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයන් අදාල ගොවිජන සේවා මධ්‍යස්ථානයන් වෙත ලබා දිමට ඇග්රිස්ටාර් සමාගම පියවර ගත යුතු බව මෙහිදි තිරණය කෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිෂා ඒස් රත්නායක, කෑගල්ල ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් කළණ ජයනන්දන, දිස්ත්‍රික් සමෘද්ධි ටී. ඒ්. පී. කුසුම්සිරි , රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අධ්යක්ෂ ශාමලී පියතිස්ස , පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ නිල්මා රාජපක්ෂ, සහකාර පොහොර අධ්යක්ෂ කේ.පී.ආර්. පද්මනිල් , දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී. උඩෝවිට යන මහත්ම මහත්මීන් හා පොහොර සමාගම්වල නියෝජිතයින් හා යුධ හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් පිරිසක් සහභාගි වී සිටියහ.

















