×

செய்தி

Invalid Page Request

කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ළමා සමාජ දරුවන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහනක් මාර්තු මස 03 හා 04 යන දෙදින කෑගල්ල අටලුගම අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානයේ දී හා කිතුල්ගල මාකන්දාව රක්ෂිතය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව නිමාවට පත් විය.


කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ පූර්ණ උපදෙස් පරිදි World Vision Lanka ආයතනයේ අනුග්‍රහයෙන් මෙම දෙදින නේවාසික පුහුණු කඳවුර පැවැත්විණි.


පුහුණු කඳවුරෙහි පළමු දිනය තුල දි කෑගල්ල දිස්ත්‍රික් ළමා සමාජ දරුවන් විසින් පුත්තලම දිස්ත්‍රික් ළමා සමාජ දරුවන් ඉතා ආදරණීය අයුරින් පිළිගත් අතර දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් පැමිණි සිටි දරුවන් සමඟ සුහඳ පිළිසඳරක යෙදුනි.


අනතුරුව දරුවන්ගේ පෞරුෂත්වය හා නායකත්වය වැඩි දියුණු කිරිම සඳහා වැඩමුලුවක් යටියන්තොට සංවර්ධන නිලධාරී හා රුවන්වැල්ල ඵලදායිතා සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලදී. කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වලට කොටු වී සිටි දරුවන්ගේ මානසික මට්ටම ඔප් නැංවීම සඳහා ක්‍රියාකාරකම් රැසක් මෙම පුහුණු කඳවුර තුල පැවති අතර රාත්‍රියේ ගිනි මැල සංදර්ශනයකින් මෙම අවස්ථාව විචිත්‍රවත් විය.


යටියන්තොට ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ ද දායකත්වය නො අඩුව ලැබුනු මෙම වැඩසටහනෙහි දෙවන දින කිතුල්ගල මාකන්දාව රක්ෂිතයෙහි සංචාරය කිරීමට දරුවන්ට අවස්ථාව උදා විය.එහි දී කණ්ඩායම් හැඟිම, අභියෝගවලට මුහුණ දීම සඳහා අවස්ථාව හිමි විය.


එම අවස්ථාව දිස්ත්‍රික් ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනි රූපා කිරගල මහත්මිය විසින් සංවිධානය කළ අතර පුත්තලම දිස්ත්‍රික් ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනි, මුන්දලම ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනි, මුන්දලම පරිපාලන ග්‍රාම නිලධාරිනී, World Vision Lanka සම්බන්ධීකරණ නිලධාරි ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.