දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන අංශය මඟින් පැවැත් වූ ‘සෙනෙහෙ තටාකය’ නිවාස පදනම් කර ගත් මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අද (21) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන තුල දී පෙර පාසල් දරුවන් සිටින දෙමාපියන් සඳහා තම දරුවන් සමඟ නිවස තුල දී කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරිණි.
මෙහි දී අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළේ දරුවන්ගේ කුසලතා සහ ආකල්ප වර්ධන වීම මුල් ළමාවිය තුල සිදු වන අතර ඒ සඳහා අවශ්‍ය නිසි පරිසරය සැකසිම වැඩිහිටියන් ඇතුලු සමස්ත සමාජයේම වගකීමක් වන බව ය.කාර්යබහුල ජීවන රටාවක් තුල දරුවන් වෙනුවෙන් කාලය වෙන් කිරීමේ අවශ්‍යතාවය ද එතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.
මෙම දැනුවත් කිරිම කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය සේවා අමාත්‍යංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් සිදු කෙරිණි.
එම අවස්ථාවට මුල් ලමාවිය සංවර්ධන නිලධාරී භද්‍රා ප්‍රිදර්ශනී මහත්මිය හා පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් එක්ව සිටිය හ.


















