අභ්‍යන්තර වෙළඳ , ආහාර , සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සදාරාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුල සුරක්ෂිත පාරිභෝගිකයෙකු බිහි කිරිම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් 611 වන පාබල බල සේනා මූල්සථානයේ දී අද (23) වන දින පෙරවරුවේ දී පැවැත්විණි.


මෙහි දී යුද්ධ හමුදා සාමාජිකයින් උදෙසා පාරිභෝගිකයෙක් සතු අයිතිවාසිකම්, යුතුකම් පිළිබඳ සහ පාරිභෝගික නීති රීති පිළිබඳ දැනුවත් කිරීම දිස්ත්‍රික් ප්‍රධානී ඒ.එම්.ජේ සමන්ත මහතා විසින් සිදු කරන ලදී.


මෙම අවස්ථාවට දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.