දිස්ත්‍රික්කයේ පවතින පාසල් අතරින් පානීය ජල පහසුකම් නො මැති පාසල් සඳහා එම අවශ්‍යතාවය සපුරා දීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහනෙහි ප්‍රගතිය හා පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අද (25) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි පළමු අදියර සඳහා මේ වන විට හඳුනා ගත් පාසල් අතර පානීය ජල අවශ්‍යතාවය සපුරා ඇති පාසල් ලෙස මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් ගුරුබෑවිල කණිෂ්ඨ විද්‍යාලය හා තම්මිට කණිෂ්ඨ විද්‍යාලය හා දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් සපුමල්කන්ද ප්‍රාථමික විද්‍යාලය අයත් වේ.
මීට අමතරව වැඩ ආරම්භ කිරිමට නියමිතව ඇති පාසල් 06 ක් පවතින බවත් ඊට අදාල යෝජනා හා ගැටලු පිළිබඳව මෙහි දි අදාල නිලධාරින් සමඟ කරුණු විමසා බැලීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ විරකෝන් මහතා ඇතුලු දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නෙවිල් කුමාරගේ, දිස්ත්‍රික් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධාකාරී රසික වනිගසේකර යන මහත්වරුන්, ජල සම්පාදන හා ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
















