බතික් , අත් යන්ත්‍ර රෙදි හා දේශිය ඇගලුම් නිෂ්පාදන පිළිබඳ රාජය අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත කෑගල්ල පුවක්දෙණිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව අවසන් කල ව්‍යවසායකයින්ගේ පළමු බතික් නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිපොල අද (28) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ඇගලුම් කර්මාන්ත ශාලා 15 ක් මේ වන විට නිෂ්පාදන කටයුතු කටයුතු කරමින් සිටින අතර ඉන් කර්මාන්ත ශාලා 02ක නිෂ්පාදන ද මෙම අලෙවිපොල සඳහා ඉදිරිපත් වි තිබුණි.
මෙම වසර අවසානයේ දි උක්ත ඇගලුම් කර්මාන්ත ශාලා 15 හි සහ බතික් නිෂ්පාදන කර්මාන්ත 03 සම්බන්ධ කරමින් දැවැන්ත නිෂ්පාදන අලෙවි පොළක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන නිලධාරී ඩබ්ලිව්.ටී.ටී වර්ණකුලසූරිය මහත්මිය පැවසුවා ය.
එම වීවෘත කිරීමේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනි යන මහත්මීන් සහභාගී වි සිටියිහ.



















