කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලෙන හමුවක් අද දින (29) කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අපදා සහන සේවා නිලධාරීන් තමා සේවය කරන කොට්ඨාසයේ රජයේ නිලධාරීන් හා ප්‍රජා සමිති නායකයින් සමඟ මනා සංනිවේදනයක් පවත්වාගෙන යා යුතු බවත්, ඒ් අනුව යම්කිසි ආපදා තත්වයත් ඇති වු සැනින් වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමේ වැදගත්කම දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදි පැහැදිලි කලේ ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ භූගෝලීය පිහිටීම විෂම ස්වරුපයකින් යුක්තය. එබැවින් ආපදා සහන සේවා නිලධාරීන් සේවය කිරිමේදී හදිසි තත්වයන්ට මුහුණ දිමට සුදුසු තත්වයකින් කටයුතු කල යුතු අතර බැහැරගත පුහුණුවක අවශ්‍යතාවය පෙන්වා දුන් දිසාපතිවරයා ඒ් සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස අදාල අංශ වෙත උපදෙස් දුන්හ.
කෑගල්ල දිස්ත්‍රික්කයට සෑම වසරකදීම වර්ෂාවත් සමඟ දැඩි ආපදා තත්වයන්ට මුහුණ දිමට සිදුවේ. ඒ් අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ආපදා සහන සේවා නිලධාරීන් වෙත විශේෂ වගකිමක් පැවරි ඇත.
හදිසි ආපදා තත්ත්වයන්හිදි ක්ෂණිකව මැදිහත්වී කටයුතු කල යුතු පිරිසක් ලෙස රාජකාරි ඉටු කිරිමේදි ඔවුන් මුහුණ දෙන රාජකාරීමය ගැටලු සහ ඔවුන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබද පැහැදිළි කිරිමක් අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් ) දිනීෂා ඒස්. රත්නායක මහත්මිය විසින් සිදු කලාය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරි සුදන්ත අමරසේන මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි අපදා සහන සේවා නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.


















