සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සමස්ත දිවයිනේම විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව ක්‍රීඩාවට හා ඔවුන්ව කායික, මානසික වශයෙන් බල ගන්වමින්, ඒ ඔස්සේ ජාත්‍යන්තර තරඟ සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරිමේ අරමුණින් 2022 වසර සඳහා විශේෂ අවශ්‍යතා සහිත වූවනගේ ජාතික ආධුනික මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කෙරේ.
ඒ සඳහා සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ කෑගල්ල දිස්ත්‍රික් තෝරා ගැනීම් පරීක්ෂණ අද (03) දවස පුරා තෝලංගමුව මධ්‍ය විද්‍යාලිය ක්‍රීඩාංගනයේ දි පැවැත්විණි.
එහි දි කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම නියෝජනය වන පරිදි තරගකරුවන් සිය දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගි වු අතර ඊට ජවන හා පිටිය ක්‍රීඩා ඉසවි රැසක් අන්තර්ගත විය.
ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මූලික තරග පවත්වා එයින් ජයග්‍රහණය කරන ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් 2022 අගෝස්තු මස ජාතික තරගාවලිය පවත්වන අතර එයින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික පැරා ඔලිම්පික් සඳහා ඉදිරිපත් කිරිමට නියමිත යි.
මෙම අවස්ථාවට කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව, සහකාර ප්‍රාදේශිය ලේකම් කෞෂල්‍යා බංඩාර, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී එච්.ආර්.එස්.රන්දෙණිය යන මහත්ම මහත්මීන්, තෝලංගමුව මධ්‍ය විද්‍යාලිය නියෝජ්‍ය විදුහල්පතිතුමන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සමාජ සේවා නිලධාරින්, දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.




















