තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමට තම ජීවිත කැපකල ඒ වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ, ඇට ,නහර තම දේශය වෙනුවෙන් කැප කළ වීරෝදාර රණවිරුවන් යනු ජාතියේ මුර දේවතවුන් වැනි පිරිසක් ය.
ජාතික රණවිරු සේවා අධිකාරියේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි ආබාධිත රණවිරුවන් 120 දෙනෙකුට ආබාධිත සහයක උපකරණ කට්ටල ලබා දීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (15) සිදු කෙරිණි .
අත්වාරු ,රෝදපුටු, කෘතීම පාද ඇතුළු උපකරණ රැසක් මෙහිදී එම ආබාධිත රණවිරුවන්ට ලබාදීමට කටයුතු කළ අතර ඊට සමගාමීව රණවිරු සංසද නිලධාරීන්ගේ හමුවක් ද පැවැත්විණි .
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, රණවිරු සේවා අධිකාරියේ සබරගමු පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ රෝහණ විජයරත්න, කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී ලක්ෂිකා සමරතුංග යන මහත්ම මහත්මීන්,රණවිරුවන් , නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ .


















