දුෂ්කර අවස්ථාවකට මුහුණ දීමට සිදුව ඇතත් සංස්කෘතික හරයන් බැහැර නොකොට ඒවා ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික්කයේ තෝරාගත් කලාකරුවන් පිරිසකට රක්ෂණ ඔප්පු පිරිනැමීම සඳහා අද (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.
සංස්කෘතික අමාත්‍යංශය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ නියෝජනය වන පරිදි තෝරා ගත් කලාකරුවන් සඳහා මෙම රක්ෂණ ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා අනුග්‍රහය සොෆ්ට්ලොජික් ආයතනය විසින් ලබා දී තිබේ.
මෙම වැඩසටහනය සමගාමීව සංස්කෘතික අනු කමිටු රැස්වීම ද පැවති අතර එහිදි අනුකමිටු විසින් පැවැත්වීමට යෝජිත නිර්මාණාත්මක තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. කෙටිකතා, බොදු බැති ගී, පද්‍ය, කෙටි නාට්‍ය ආදී අංශයන්ගෙන් නිර්මාණ කැඳවීමට අපේක්ෂා කරන අතර පාසල් හා විවෘත අංශය නියෝජනය වන පරිදි මෙම තරගාවලිය පැවැත් වේ.
එමෙන්ද දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි නැටුම් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් දැක්වීම හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී පද්මිණි වික්‍රමලතා යන මහත්මීන් ඇතුළු සංස්කෘතික අංශයේ නිලධාරීන් පිරිසක් සහ කලාකරුවන් පිරිසක් සහභාගී වූහ.



















