කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩසටහනක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (06) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


මෙහිදී නිෂ්පාදනය ගම්මානයන් හී වත්මන් ප්‍රගතිය හා මේ වන විට නිෂ්පාදන ගම්මාන මුහුණ දී ඇති ගැටළු මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.


කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 25 ක් ක්‍රියාත්මක වන අතර කුළුබඩු ගම්මාන , බතික් නිෂ්පාදන , බුලත් ගම්මාන, මැටි ආශ්‍රිත නිෂ්පාදන , බිම්මල් නිෂ්පාදන ගම්මාන, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන, ගම්කුකුළු ව්‍යාපෘති, මීමැසි පාලනය ආදී ක්ෂේත්‍ර රැසක විසිරුණු නිෂ්පාදන ඊට ඇතුළත් වේ.


කෑගල්ල මොලගොඩ මැටි කර්මාන්තය ආශ්‍රිතව නිපදවන ලිප සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් ඇති බව මෙහිදී අනාවරණය වූ අතර මෙම නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ අපනයන සඳහා බුලත් වගාව දිස්ත්‍රික්ය තුළ සාර්ථකව සිදු කෙරෙන බව ද සඳහන් කෙරිණි.


මේ අවස්ථාව සඳහා සෞභාග්‍යා සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න, කෑගල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ජනනි මධුරුසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ නිලධාරීන් පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.