දැනට පවතින ඉන්ධන අර්බුදය තුළ මහජන ගැටුම් අවම කර සාධාරණ ලෙස ඉන්ධන බෙදාහරිමින් විධිමත් ලෙස අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (15) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
මෙහි දී පොදු ප්‍රවාහන ,කුඩා කර්මාන්ත, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,ජල හා විදුලිය ඇතුළු තෝරාගත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දෙමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු පිළිබඳ නිලධාරීන්ගේ අදහස් විමසා බැලීම සිදු කෙරිණි.
හැකිතාක් ගැටුම් අවම කරමින් ,අර්බුදකාරි තත්ත්වයන් මැඩ පවත්වා ගෙන අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට සියලු නිලධාරීන්ගේ සහාය ලබා දෙන ලෙස මෙහිදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ,මාවනැල්ල රඹුක්කන හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් ,සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා, නියෝජ්‍ය පොලිස්පතිවරුන් (කෑගල්ල ,සීතාවක) බලසේනාධිපති( යුද හමුදා කදවුර බෙරගල) පොලිස් ස්ථානාධිපතිවරුන් ,ශ්‍රී ලංගම ඩිපෝව, සමුපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
















