කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන ආරම්භ කෙරිණි.
ඉන්දීය ආහාර බෙදා හැරීමේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කළ අතර පවතින දුෂ්කරතා හමුවේ ඉන්දීය ආහාර බෙදා දීමේ වැඩසටහන විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ නිලධාරීන්ට විශේෂ ස්තූතියක් පිරිනැමීමට ද දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී කටයුතු කළේය.
එමෙන්ම පොහොර බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මෙහිදී යොමු කළ අතර පොහොර බෙදා හැරීමේ කටයුතු වලින් පසුව වැඩි මිලට පොහොර විකිණීම සහ පොහොර අවභාවිතාව වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබද ද සාකච්ඡා කෙරිණි.
‘එක්ව වවමු - රට දිනවමු ‘ ආහාර බෝග නිෂ්පාදන ජාතික වැඩසටහන සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය ලේකම් සමුළුවේ අවධානය යොමු වූ අතර එහි ප්‍රගතිය සහ ආහාර අර්බුදයට පිළියමක් ලෙස සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකම ආදර්ශ වගා බිමක් සකස් කිරීම සඳහා ඉඩම් හදුනාගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම අර්බුද සමයේ පාරිභෝගිකයින් අසීරුවට පත් කරවන වෙළඳුන්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන ලෙස දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර පාරිභෝගික ජනතාවට සහනයක් වන අයුරින් වෙළඳපල කටයුතු හැසිරවීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම අත්‍යවශය සේවා සඳහා ඉන්ධන සැපයීම, ප්‍රාදේශීය මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගැන්වීම, වැඩිහිටි ආධාර/වකුගඩු ආධාර/ආබාධිත ජීවන ආධාර ලබා දීම, ඉඩම් ඔප්පු සහ දීමනාපත්‍ර ලබා දීමේ ප්‍රගතිය, ආපදා වන්දි සහනාධාර ලබා දමේ ප්‍රගතිය , සමෘද්ධි සහ සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කටයුතු වල ප්‍රගතිය, ඩෙංගු මර්ධනය සහ විදේශ රැකියා අංශයේ ප්‍රගතිය ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ, ප්‍රධාන අභ්‍යන්තර විගණක තුෂාරී ජයවර්ධන , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්.ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් අතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර අධ්යක්ෂවරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් අතුළු පිරිසක් සහභාගී වූහ.


















