ලංකා වාණිජ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන "දිවියට දිරියක්" වැඩසටහන මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි තවත් පවුල් පන්සියයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහිත සහනාධාර සහ සී.අයි.සී ආයතනයෙන් ගෙවතු වගාව සඳහා අවශ්‍ය කෙරෙන බීජ ,පොහොර, අත් වැසුම් හා වගා මලු ලබාදීමක් අද (03) දින කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙහිදී අදහස් දැක්වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මනා පිටිවහලක් වූ බවයි.රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය මගින් ලබාදෙන සහනවලට අමතරව පරිත්‍යාගශීලීන් ගෙන් ලබා දෙන මෙවැනි සහනාධාර අගය කළ යුතු බවද සඳහන් කළා ය.
මෙම වැඩසටහන සඳහා නෙස්ලේ ආයතනය ද දායකත්වය ලබා දුන් අතර රතු කුරුස සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබාදී තිබුණි.
මෙම අවස්ථාවට ලංකා වාණිජ මණ්ඩලයේ ජේෂ්ඨ සහකාර ලේකම් චන්ද්‍රරත්න විතානගේ, නෙස්ලේ ආයතනයේ නිලධාරී මලිදු පතිරණ, කෑගල්ල දිස්ත්‍රික් රතු කුරුස සංවිධානය නිමාලී අමරකෝන්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ .ජී .එස්. නිශාන්ත, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටී.ඒ කුසුම් බණ්ඩාර ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රතිලාභීන් පිරිසක් සහභාගි වී සිටියහ.

























