රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන අතරතුර විදේශ විනිමය ඉපයිය හැකි වැඩසටහන් කෙරෙහි ප්රමුඛත්වයක් ලබා දිය යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අමතමිනි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය වැඩි නැඹුරුතාවයක් දක්වන සුළු අපනයන බෝග අපනයන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් කෘෂිකර්ම අංශයට සම්බන්ධ සියළු නිලධාරීන් කටයුතු කළ යුතු යැයි ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
කෑගල්ල දිස්ත්‍රික් කෂි කමිටුව අද පෙරවරුවේ දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණ අතර ආහාර බෝග වගා වැඩසටන, දුම්රිය රක්ෂිත වල වගා කටයුතු සිදු කිරීම, වතු ආශ්රිත මිරිදිය මත්ස්‍ය වගාව, පොහොර බෙදා හැරීමේ කටයුතු, පුරන් කුඹුරු අස්වැද්දීම, ඌණ උපයෝජන ඉඩම් වල වගා කටයුතු ආදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳ දිස්ත්‍රික් කෘෂි කමිටුවේ අවධානය යොමු විය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන්, ගොවිජන සේවා සහකාර කොමසාරිස් කලණ ජයනන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන් හා දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

















