දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කළ නව CRM යන්ත්‍රය හේතුවෙන් අවට කාර්යාලවල රජයේ නිලධාරීන්ට පමණක් නොව රාජ්‍ය ආයතන වල සේවාව ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයින්ගේ සහ ප්‍රදේශයේ මහජනතාවගේ බැංකු කටයුතු වඩාත් පහසු කරවන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කෑගල්ල කච්චේරී පරිශ්‍රය තුළ ලංකා බැංකුවේ නව CRM යන්ත්‍රයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අද (26) පැවැති උත්සව සභාවක් අමතමිනි.
එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ මේ වන විට පවතින ලංකා බැංකුවේ ව්‍යාප්ති කාර්යාලය ශාඛා කාර්යාලයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව ද කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම CRM යන්ත්‍රය කෑගල්ල මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව කච්චේරී පරිශ්‍රය තුළ කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගත් බවත් මුදල් ගැනීම සහ තැම්පත් කිරීම එකම යන්ත්‍රයක් තුළින් කළ හැකි වීම නිසා වඩාත් කාර්යක්ෂම සේවාවක් මහ ජනතාවට සැලසිය හැකි බවත් මෙහිදී අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් සහ සංවර්ධන බැංකු කටයුතු ) ප්‍රියාල් සිල්වා මහතා සඳහන් කළේය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, සහකාර මහා කළමනාකරු ( සබරගමු පළාත්) දුමින්ද දයාවංශ, මෙහෙයුම් කළමනාකරු (සබරගමු පළාත්) පද්මේන්ද්‍ර ප්‍රේමරත්න, කෑගල්ල අධිශ්‍රේණි ශාඛාවේ කළමනාකරු මනෝජ් හේවාවිතාන, දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ව්‍යාප්ති කාර්යාලයේ කළමනාකරු අමිතා හෙට්ටිආරච්චි, ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත, මූලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු ලංකා බැංකුවේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




























