දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය විමසා බැලෙන ප්‍රාදේශීය ලේකම් හමුව අද (30) පෙරවරුවේ දි දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය .
මේ හමුවේ දී ඉන්දියානු සහනාධාර යටතේ බෙදාහරින සහල් බෙදා දීමේ කටයුතු අද දිනෙන් අවසන් කිරීමට කටයුතු කෙරෙන බව ප්‍රකාශ විය .එම කාරණය ද ඇතුළත්ව කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර බෙදාහැරීම්, "එක්ව වවමු-රට දිනවමු" කෘෂි වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙටිකාලීන ආහාර බෝග වගාව, ගෙවතු වගා ,කාබනික පොහොර, නව සැපයුම්, කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබද අවධානය යොමු විය.
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීම හා ඊට අදාළ ගැටලු සදහා ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබඳවත් ඉන්ධන කෝටාව අවශ්‍යතාවය මත සංශෝධනය කිරීමටත් ඊට අමතරව පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත් මෙහිදී කටයුතු කෙරිණි.
හරිත ව්‍යවසායකයන්ගේ පැල තවාන්වලින් ලබාගත් කොස් පැල දිවයින පුරා ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන , පිරිවෙන් ආශ්‍රිතව කෙටිකාලීන හරිත වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන සීයක ගෙවතු වගා වැඩසටහන් ඇති කිරීම, පිරිවෙන් ආශ්‍රිතව කෙටිකාලීන හරිත වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය මෙහිදී විමසා බැලිණි.
මෙහිදී අදහස් දැක්වූ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක "සෞභාග්‍යයා" නිෂ්පාදන ගම්මානවල පවතින නිෂ්පාදන අලෙවි කර ගැනීමට මෙන්ම එම නිෂ්පාදන ගම්මාන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපරිම කැපකිරීම නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන බවයි.එසේම ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය ඉහළ නැංවීම සඳහා මිරිදිය මත්ස්‍ය වගාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීමට ද දිසාපතිවරයා මෙහිදී කටයුතු කළේය.
මින් ඉදිරියට සමෘද්ධි දීමනාව ලබා දීමේ තැපැල් ක්‍රමවේදය සමෘද්ධි බැංකු හරහා සැප්තැම්බර් මස සිට ලබා දීමට කටයුතු කරන බව එම හමුවේදි හමුවේ දී ප්‍රකාශ විය .තවද zoom ක්‍රමවේදය ඔස්සේ සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිතුමන් මෙම ප්‍රාදේශීය ලේකම් සමුළුව ඇමතූ අතර එහිදී මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ වන විටත් සමෘද්ධි ,වකුගඩු, වැඩිහිටි, මහජන ආධාර ඇතුළු ප්රතිලාභ ලබන ප්‍රතිලාභීන් අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කෙරිණි.
ඩෙංගු අවදානම අවම කිරීමට ග්‍රාමීය කමිටු සක්‍රිය කිරීමේ අවශ්‍යතාවය ,කුඩා පරිමාණ ඇඟලුම් හා කර්මාන්ත වැඩසටහන, මිරිදිය මත්ස්‍ය වගා වැඩසටහන ,ඇඟලුම් හා ආහාර ක්ෂේත්රවලට මූලික අවධානය යොමු කරමින් අපනයන ක්‍රියාවලිය දියුණු කිරීමට හා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, විදේශ ශ්‍රමිකයින් මෙරටට ආ පසු කුඩා ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීම්, වෘත්තීය පාඨමාලා සඳහා තරුණ තරුණියන් යොමුකිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය මෙහිදී විමසා බැලිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )දිනීෂා එස් රත්නායක මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඒ ඒ ක්ෂේත්රවලට අදාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .



















